ඇමති ලංසාගේ ඉල්ලිමක් පළමු වරට නගර සභාවේදි පරදි.?

0
64

මීගමුව නගරයේ  රාජ්‍ය ඉඩම් වල අයිතිකරුවන් සේ කටයුතු කරන්නේ දේශපාලකයන්ය. මේ නිසා විවිධ වාසි තකා මේ ඉඩම් වෙනත් අයට පැවරිම සදහා මීගමුවේ දේශපාලකයන් කටයුතු කරමින් සිටි.
මේ කටයුත්තේ ඉදිරියෙන්ම සිටින්නේ ඇමති නිමල් ලංසාය. විශේෂයෙන්ම ඔහුට එරෙහිව නැගෙමින් චෝදනා හමුවේ පල්ලියේ ආවරණය වෙනුවෙන් බොහෝ දේ කිරිමට ඔහු පසුගිය කාලයේ කටයුතු කළේය.
පසුගිය දිනක මීගමුවේ ශා.ජෝශප් විදුහලෙන් ඉල්ලිමක් ලැබුනේ කඩොල් කැලේ ක්‍රිඩාංගනයේ එක පසක පිහිටා ඇති ක්‍රිකට් පුහුණු පිටිය එම විදුහලට ලබාදෙන ලෙසය.
මේ යෝජනාව අගෝස්තු මස පැවැති මහසභාවට ඉදිරිපත් වුවද ඒ සදහා අනුමැතිය ලැබුනේ නැත.
නගර සභාව සතු ඉඩම් මෙසේ පුද්ගලික ආයතන වෙත පැවැරිමට පොදු විරෝධයක් මෙහිදි එල්ලවි තිබුණි.nimal lansa