ඇමති ලංසාගේ කුණුහරුප අද හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරයි !

0
101

නිමල් ලංසා 1අද බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තුවට පැමිණ  සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක සිය හඩපට පිළිබද ඉතාමත් නිර්භිත විග්‍රහයක් සහිත කදිම කථාවක් කරන්නට යෙදුණි.
එයට පිළිතුරු සපයමින් ඇමති නිමල් ලංසා කුණු හරුප වැලක් සහිත කමකට නැති කථාවක්ද කරන්නට යෙදුණි.
ඇමති ලංසාගේ කථාව අවසන් වනවාත් සමගින් පාර්ලමේන්තුවේදි නැගි සිටි හිටපු ඇමති රවුෆ් හකිම් කියා සිටියේ ඇමති ලංසාගේ කථාවේ ඇතුලත් සියළු අශිලාචාර වචන හැන්සාඩ් වාර්තාවෙන් ඉව්ත් කරන ලෙසය.
ඒ අවස්ථාවේදි සභාව මෙහෙයවු විජේපාල හෙට්ටිආරච්චි කියා සිටියේ ඒවා හැන්සාඩ් වාර්තාවෙන් ඉව්ත් කරන බවය.රන්ජන් 1
සැබැවින්ම ඒ අනුව රන්ජන් රාමනායක හැන්සාඩ් ගතවන සුපිරි කතාවක් කරද්දි එයට පිළිතුරු දෙන්න වැට පැන අවස්ථාව ගත් නිමල් ලංසා හැන්සාඩේ ගත කරගන්නවත් බැරි කථාවක් කර තිබුණු පාර්ලිමේන්තු ඉතිහාසයට අද දිනයේ එක්ව තිබුණි.