ඇමති ලංසාගේ පියා වෙරළ උද්‍යානයේදි ත්‍රිරෝද රථ රියදුරන්ට පහර දිලා.

0
169

ශ්‍රිලනිප වත්තල ආසන සංවිධායක සහ බස්නාහිර පළාත් සභා ඇමති නිමල් ලංසාගේ පියා විසින් 2015 අප්‍රෙල් 28 වෙනිදා දවල් 2 ට පමණ සිය කප්පම් කලාපය වු වෙරළ උද්‍යානය තුලදි ත්‍රිරෝද රථ රියදුරන් පිරිසකට පහර දි ඇතැයි වාර්ථා වේ.
මේ පහර දිම පිලෙන්ද්‍රන් ලංසාගේ මැරයන් 4 දෙනෙකුද සහභාගි වි ඇතැයි පහර කෑමට ලක්වු ත්‍රිරෝද රථ රියදුරන් පවසති.
වෙරළ උද්‍යානය අසල සිට ක්‍රියාත්මක ත්‍රිරෝද රථ සංගමයක් තිබියදි වෙරළ උද්‍යානය ඇතුලත සිට ත්‍රිරෝද රථයක් ක්‍රියාත්මක වන බව සැලවිමෙන් පසුව අදාල සමිතියේ පිරිසක් ඒ ගැන විමසිම සදහා වෙරළ උද්‍යානයට 28 වෙනිදා උදේ 10 ට පමණ ගොස් ඇත.
ඉන් අනතුරුව එදිනම දවල් 2 ට පමණ මැරපිරිසක්ද සමගින් පැමිණි ඇමති ලංසාගේ පියා විසින් අදාල ත්‍රිරෝද සංගමයේ රියදුරන් පිරිසකට පහර දි ඇත.
පහර කෑමට ලක්වු කුමාර නැමැත්තා මීපුර වෙබ් අඩවියට පවසා තිබුනේ ඇමති පියා විසින් අතමිට මොලවා තමාගේ මුහුණුට පිට පිටම පහර දුන් බවය.
අනතුරුව ඔහුව රෝහල්ගත කරතිබුණි.
මේ සම්බන්ධයෙන් මීගමුව පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබේ.මෙම පහරදිමත් සමගින් ආදල ත්‍රිරෝද රථ සංගමය සිය ගමන් වාර අත්හිටුවා මෙම පහරදිමට සම්බන්ධ පුද්ගලයන් වහා අත්අඩංගුවට ගන්නා ලෙසය පොලිසියට බල කර තිබේ.
කෙසේ වෙතත් අප්‍රේල් 29 වනදා අදාල ත්‍රිරෝද රථ සංගමයේ නිළධාරින් හමුවි ඇතැයි කියන ඇමති ලංසාගේ පියා මේ පහර දිමේ සිදුවිම සමතයකට පත්කර ගැනිමට උත්සාහ කර ඇතැයි සැලය.
මෙම පහර දිම සම්බන්ධයෙන් ඇමති ලංසාගේ පියාව පොලිසියට කැදවිමක් ගැන තවමත් වාර්තා නොවේ.beach park3JPG

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here