ඇමති ලංසාගේ පේරේත බැල්ම යළිත් රාජපක්ෂ උද්‍යානයට …

0
303
රාජපක්ෂ පාක් යන නම පවා වෙනස්කරමින් ඇමති නිමල් ලංසා කටයුතු කිරිම
රාජපක්ෂ පාක් යන නම පවා වෙනස්කරමින් ඇමති නිමල් ලංසා කටයුතු කිරිම

rajapaksha-park-2

මුදළිදු රාජපක්ෂ විසින් මීගමුවේ ජනයා හට සිය විවේකය කාලය නිදහසේ කිසිදු මිළක් නොගෙවා ගතකරන්නට කොන්දේසි පවා යොදමින් නගර සභාව වෙත ලබාදුන් රාජපක්ෂ උද්‍යානය ඉතිහාසයේ පළමු වරට  මුදළිදු රාපක්ෂගේ අහිංසක ඉල්ලිමට පවා පයින් ගසමින් පුද්ගලික අංශය වෙත පවරා මීගමුවේ ජනතාවට පාක් එක අහිමිකළ දේශපාලකයා ලෙසින් ඉතිහාස ගතව ඇත්තේ ඇමති නිමල් ලංසාය.
මොහුගේ මේ ක්‍රියාකලාපය නිසා දැනට වසර 5 කටත් අධික කාලයක් රාජපක්ෂ උද්‍යානය වසා දමා තිබේ.
ඒ ශාපයෙන් ගැලිවිමට ඇමති ලංසාට කිසිවිටකත් රාජපක්ෂ මුදිළිදු ඉඩදෙන්නේ නැත.
මේ උද්‍යානය පිළිබද දැන් ඊළග අඩව්ව ඇල්ලිමට ඇමති ලංසා යළිත් සුදානම් වෙන බව සැලය.
ඒ උද්‍යානයේ විවිධ අංශ ටෙන්ඩර් නොකරන ලෙසින් ඔහුගේ හිතාදර මන්ත්‍රිවරුන් හරහා මහසභාවට යෝජනා ගෙන එමිනි.
පළාත් පාලන නිති ප්‍රකාර ටෙන්ඩර් දැමිම අනිවාර්යයකි.
එහෙත් තමන්ගේ හිතවතුන් වෙත පාක් එකේ ආරක්ෂක අංශය පමණක් නොව අයිස් ක්‍රිම් වැන් එකේද ටෙන්ඩරය ගැනිම සදහා මේ දිනවල පිඹුරු පත් සැකසෙමින් තිබේ.
අපට නගරාධිපති ඇන්ටනි ජයවිරගෙන් අසන්නට වන්නේ තමන් වෙත නගරාධිපතිධුරය දිමට ඇමති ලංසා කටයුතු කළ නිසා මුළු මීගමුවේම අයිතිය ලංසා පවුලේ පාලනයට නතුකරන්නටද ඔබ කටයුතු කරන්නේ යනුවෙනි.?????