ඇමති ලංසාගේ භික්ෂුන්වහන්සේ එජාප ජයපැන් සමරුව අස්සේ හිරවෙයි?

0
140

sadu car 1sadu car 2

ජනවාරි 08 වෙනිදා අදාල භික්ෂුන් වහන්සේ සහ අදාල මෝටර් රථයද මෙහි වේ.
ජනවාරි 08 වෙනිදා අදාල භික්ෂුන් වහන්සේ සහ අදාල මෝටර් රථයද මෙහි වේ.

ජනපතිවරණය දිනයේ පළගතුරේ ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයක් අසල කල්ලි ගැසි සිටි පිරිසක් පිළබදව අප එදිනම හෙළිකළෙමු.ඒ පිරිසට නායකත්වය දුන් භික්ෂුන් වහන්සේ නමක් ගැනද උන්වහන්සේ එහිදි හැසිරුන අකාරය ගැන අප එහිදි මතු කළෙමු.
මේ භික්ෂුන් වහන්සේ තමන්ව හදුන්වාදුන්නේ ඇමති ලංසාට එහි පැමිණිමට නොහැකි නිසා තමන්ව එවු බවය.
කෙසේ වෙතත් මේ භික්ෂුව රැගත් මෝටර් රථය අද අනපේක්ෂිත ලෙසින් එජාපයේ ජයපැන් සමරුව මැද්දේ සිර විය.
මේ භික්ෂුව විසින් රගපාන්නට යෙදුන චරිතය ගැන පවා දන්නා අයද ඒ රැස්ව සිටි පිරිස අතරේ වුවද කිසිදු හිරිහැරයකින් තොරව ගෞරවනීය අයුරින් ඒ මහා සෙනග අතරින් උන්වහන්සේට යන්නට පහසුව සලසා දෙන ලදි.
අද රටතුල ඇතිවිය යුතුව ඇත්තේද එයයි,
මැතිවරණ දිනයේදි හංසායගේ ආධාරකරුවන් ……..ගේ පුතාලා යැයි කියු මේ භික්ෂුවට කිසිදු හිරිහැරයක් හෝ අවම තරමින් හුවක් හෝ කියන්නට කිසිවෙකුත් පියවර නොගැනිම තුලින්ම මෛත්‍රි පාලනය ගැන පණිවිඩයක් දෙන්නට මීගමුවේ එජාප ක්‍රියාකාරින් කටයුතු කරතිබුණි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here