ඇමති ලංසාගේ වංචා දූෂණ වලට එරෙහිව රොයිස්ගෙන් පොලිසියට පැමිණිල්ලක් ?

0
55

මීගමුවේ මහජන දේපල අයථා ලෙසින් පරිහරණය කරමින් ඇමති නිමල් ලංසා සහ ඔහුගේ පවුලේ අය කටයුතු කිරිමට එරෙහිව  එජාප මීගමුව ආසන සංවිධායක බස්නාහිර පළාත් මන්ත්‍ර රොයිස් විජිත ඇතුළු නගරික මංත්‍රි මණ්ඩලය අද මීගමුවේ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.
එහි විශේෂයෙන්ම සදහන් කර තිබුණේ මීගමුව වෙරළ උද්‍යානය කාමච්චෝඩේ  දිරිය පොල සහ කොටුව පිට්ටනිය අසල මාළු වෙළද පොල යන ස්ථාන 3 පිළිබදවය,
මීගමුව වෙරළ උද්‍යානයේ වැසිකිලි පද්ධතිය හා වාහන නැවැත්විම පමණක් මීගමුව මහනගර සභාව විසින් ටෙන්ඩර් දි තිබියදි වෙනත් අයෙකු නමට ටෙන්ඩරය ගෙන ඇති ඇමති නිමල් ලංසාගේ පියා වෙරළ උද්‍යානයේ විවිධ ව්‍යාපාර කටයුතු කරගෙන යනු ලබන අයගෙන් විශාල මුදලක් මාසිකව ලබාගන්නා බවද මාධ්‍ය අමතමින් රොයිස් විජිත මහතා කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් මීගමුව නගරාධිපති ඇන්ටනි ජයවිර මහතා පවසා සිටියේ වෙරළ උද්‍යානයේ වැසිකිලි වලින් හා වාහන නවතාතැබිම් වලට අමතරව කරනු ලබන සියලු අයකිරිම් නිතිවිරෝධි බව පවසා සිටියේය.Roies to police