ඇමති ලංසාගේ සහාය රාජපක්ෂලාගේ නෙළුම් පොහොට්ටුවට ?

0
174

NImal BR 2මෙම වසරේ දී පැවැත්වෙනු ඇති බවට අපේක්ෂා කරන පළාත් පාලන මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් ‘නෙළුම් පොහොට්ටුව’ ලකුණින් එම මැතිවරණය සඳහා ඉදිරිපත් වීමේ සූදානමකින් පසුවන බව.colombotoday වෙබ් අඩවිය වාර්තා කර තිබුණි.

මේ වෙනුවෙන් දැනටමත් ‘අපේ නිදහස් පෙරමුණ’ නමින් ලියාපදිංචි දේශපාලන පක්ෂයක් සූදානමින් තිබේ. පසුගිය මහ මැතිවරණයට පෙර බැසිල් රාජපක්ෂ මහතාගේ මැදිහත් වීමෙන් එම පක්ෂය ලියාපදිංචි කර තිබෙන බවද එහි සදහන්ය.
මේ අතර මීගමුවේ ශ්‍රිලනිප නාගරික මන්ත්‍රිවරුන් බහුතරයක් කියා සිටින්නේ තමන් මෙවර පළාත් පාලන මැතිවරණයට එන්නේ මහින්ද පිලෙන් පමණක් බවය.
මීගමුවේ මිළග නගරාධිපතිවරයා ලෙසින් සිය සහෝදරයා කෙසේ හෝ පත්කරගැනිමේ දැඩි පරිශ්‍රමයකින් කටයුතු කරනු ලබන ඇමති නිමල් ලංසා පවා තම සගයන්ට කියා ඇත්තේ තරග කළ යුත්තේ මහින්ද රාජපක්ෂගේ පිලෙන් බවය
පසුගිය දිනක බැසිල් රාජපක්ෂව මුල්‍ය වංචා ඒකකයට කැදවා තිබුණ අවස්ථාවේ ඔහු අසලින්ම සිටියේ යහපාලන රජයේ නියෝජ්‍ය ඇමති නිමල් ලංසාය.පරික්ෂණ නිමවා ඔහු ගියේද බැසිල් රාජපක්ෂ සමගින්ය.හුලං අත බලා රුවල් දැමිමේ දේශපාලනයේ කප් ගසා ඇති නිමල් ලං සාගේ මිළග අඩව්ව කුමක්ද ?