ඇමති ලංසාගේ සියළු මෙහෙයුම් අසාර්ථකයි ! අද මහින්දට කව්රුත් නෑ.?

0
84

nimla posterපසුගිය දින කීපය පුරාම ඇමති නිමල් ලංසා දැවැන්ත මෙහෙයුමක් දියත් කර තිබුනේ මීගමුවේ එජාප මන්ත්‍රිවරුන් පිරිසක් බාගැනිම සදහාය.
මේ පිළිබදව විවිධ ගණන් හිලව් පවා කථාබහ කරගැනුනි.එහෙත් මේ සියළු මෙහෙයුම් අසාර්ථක වු තැන ඔහු උත්සාහ කර තිබුනේ තමන්ගේ සොහොයුරාගේ පාටි මිතුරා වු ගයාන් නැමැති මන්ත්‍රිවරයාව බාගැනිමටය.
එහෙත් දැනට වාර්ථා වන්නේ ඔහු තවමත් අතුරුදහන්ව ඇති බවය.
ඇමති ලංසාගේ ඉලක්කය වි තිබුනේ අද දින නගර සභාවේ පැවැත්වෙන ප්‍රචාරක රැළියේදි තමන්ගේ නමටද ලකුණු දාගැනිම සදහා මහින්ද රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කිරිමට මෝරුන් කෙසේ වෙතත් හාල්මැස්සෙක් වත් දායද කරන්නටය.
එමෙන්ම මුස්ලිම් කොන්ග්‍රස් මන්ත්‍රිවරයා බාගැනිමේ උත්සාහයද මේ වන විට අසාර්ථකව ඇතැයි සැලය.