ඇමති ලංසාට එරෙහිව ශ්‍රිලනිප නගාරික මන්ත්‍රින් පිරිසක් සටනට ….?

0
80
රැනොවෙල් හෝටලය විවෘත කළ දා
රැනෝවේල් හෝටලය විවෘත කළ දා
රැනෝවේල් හෝටලය විවෘත කළ දා

මීගමුවේ ශ්‍රිලනිප දේශපාලනය පැහැදිලි කණ්ඩායම් දෙකක් ලෙසින් වර්ධනය වෙමින් තිබේ.මෙයට ප්‍රධානතම හේතුව වි ඇත්තේ මීගමුව නගර සභාවේ ඇතැම් ශ්‍රිලනිප නගාරික මන්ත්‍රිවරුන් අතර ප්‍රබල ලෙසින් මතුවෙමින් ඇති ලංසා විරෝධයයි.
මේ නිසා ඇමති නිමල් ලංසාගේ දේශපාලනය මෙසේ කැරකි ගොස් නවතින පිළට එරෙහිව තමන් කටයුතු කිරිමට සුදානම් පිරිසක් පක්ෂය තුල දැන් සිය පිළ ශක්තිමත් කරගනිමින් සිටිති.
ඇමති කමත් නියෝජ්‍ය නගරාධිපතිකමත් ලංසා පවුලට ලබාගත්තා පමණක් නොව එල්ලවෙමින් ඇති වංචා සහ දුෂණ චෝදනාවලින් බේරිම සදහා මහින්ද පිලේ සිට මෛත්‍රි පිළට බල්ටි ගැසු නිමල් ලංසා ඇමතිවරයා පසුගිය කාලය තුල බැසිල් රාජපක්ෂ සමගින් ඉතාමත් සමිප සබදතාවයක් නඩත්තු කරමින් සිටියේය.
ඒ මහින්ද පිලේද කකුලක් තබාගෙන සිටිමට ඇති උවමනාව නිසා යැයි ලංසා විරෝධි පිළ කියා සිටි.