ඇමති ලංසාට වත්තලදි ධීවරයන්ගෙන් විරෝධය !

0
211

IMG-20200211-WA0019වත්තල,හැඳල ධිවරයෝ අද විරෝධතාවයක නියැලි තිබුනේ පසුගිය කාලය තුල මුහුදෙන් වැලිගැනිමට රජය පියවරගෙන තිබිම හේතුවෙන් ධීවරයන්ට මුහුණපැමට සිදුව තිබුණ අපහසුතාවලට වන්දි ලබාදෙන බවට රජයෙන් ලබාදි පොරොන්දුව ඉටුකර නොතිබිම මෙම විරෝධතාවයට හේතුවි තිබුණි.
එකි විරෝධතාකරුවන් හමුවිමට ගිය ඇමති නිමල් ලංසාට මුහුණ දිමට සිදුව තිබුනේ බරපතල අර්බුදයකටය. ඒ නිමල් ලංසාට සිය අදහස් පළකිරිමට පවා ඉඩ නොදෙමින් ධිවරයන් විසින් හු කියමින් බාධා කිරිම නිසාය.
ඇමතිවරයාගේ ආරක්ෂාවට පොලිසියට පවා අසලට පැමිණිමටද සිදුව තිබුනේ ධිවරයන්ගේ විරෝධය ඒ තරම් ප්‍රබල වු නිසාවෙනි.
කෙසේ වෙතත් ඇමතිවරයා සිය මැතිවරණ ප්‍රචාරණයේදි වාසියක් ගැනිමට සිතා මේ ප්‍රශ්ණයට මැදිහත්විමට එහි ගොස් තිබුණද සැබැවින්ම සිදුව තිබුනේ දැවැන්ත අපකිර්තියකි.
වත්තල සිය ආසනය ලෙස ඇමති නිමල් ලංසා සැලකුවද තමන්ගේ ආසනය තුලදි මැතිවරණයක් මුව විටේ තබා මෙවන් අපහසුවකට පත්විම යනු බරපත තත්වයකි.එය ලංසාගේ මැතිවරණ සටනට එල්ල වු මරුපහරක්ද වනවාට සැක නැත.