ඇමති ලංසාට විරෝධය පළකළ ධිවරයෝ මාරාන්ති උපවාසයකට සැරසෙති ?

0
110

IMG-20200211-WA0019

දික්ඕවිට මුහුදු තීරයේ වැලි කැණිමට විරෝධය පළ කරමින් ධීවර සමිති නවයක සාමාජිකයින් අද විරෝධතාවක නිරත වුණි.

වත්තල,පල්ලියවත්ත හා පමුණුගම දක්වා ඇති ධීවර සමිති නවයක ධීවරයින් අද පෙරවරුවේ හැමිල්ටන් ඇල ඔස්සේ බෝට්ටු මගින් ඇලකන්ද හන්දිය දක්වා පැමිණ විරෝධතාවයක නිරත වුණි.විරෝධතාකරුවන් පවසන්නේ පසුගිය අණ්ඩුව විසින් ව්‍යාපෘතියක් සඳහා දික්ඕවිට මුහුදු තීරයේ වැලි කැණීම හේතුවෙන් ධීවර කටයුතුවල නිරත වීමට තමන්ට බාධා මතුව ඇති බවයි.මෙම ගැටලුව සම්බන්ධයෙන් පසුගිය ආණ්ඩුවේ සහ වත්මන් ආණ්ඩුවේ බලධාරීන් සමඟ සාකච්ඡා කළත් ඉන් කිසිදු ප්‍රතිඵලයක් නොලැබුණු බවයි විරෝධතාකරුවන් පෙන්වා දෙයි.
මේ අතර මේ උද්ඝෝෂණය අතර තුර එහි ගිය ඇමති නිමල් ලංසාට දැවැන්තත විරෝධයක් මේ ධිවරයන්ගෙන් එල්ල වි තිබුණි. මේ නිසා ඇමති ලංසාට ඇහුම් කන් දිමට වත් ධිවරයෝ ඉඩක් ලබා දි නොතිබුණි.
ජනපති ගැන විශ්වාසය පළකරනවා යැයි කියන මේ විරෝධතා කරුවන් අවධාරණය කර සිටින්නේ ගැටළුවට විසදුම් නොලැබේ නම් මාරන්තික උපවාසයක නිරත වීමට සූදානම් බවයි.
විරෝධතාවය හේතුවෙන් ඇලකන්ද – බෝපිටිය, ඇලකන්ද – හැඳල සහ ඇලකන්ද – මට්ටක්කුලිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වුණි.
අනතුරුව පොලිසිය මැදිහත්ව මාර්ගයේ රථවාහන ධාවනය යළි යථාතත්ත්වට පත් කිරීමට උත්සහ කළත් ධීවරයින් ඊට විරෝධය පළ කිරීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් හට ගත්තේය.
මුලාශ්‍රය – දෙරණ