මේ නිසා සෙනග නම් ලංසා තමයි යැයි නමක්ද පටබැදි තිබුණි.
එහෙත් තත්වය දැන් වෙනස්ය.
මෙවර මැයි දිනය සදහා අඩුම තරමින් සංකේතාත්මකව යම් පිරිසක් ගෙනයාම සදහා අදාල කටයුතු සංවිධානය කරගැනිමට මෑතකදි කැදවා තිබුණ රැස්විමකට කාන්තාවන් පැමිණ තිබුනේද ටික දෙනෙකි.
මේ අය ඉදිරියේදි ඇමති ලංසා ඉල්ලා ඇත්තේ අඩුම තරමින් එක්කෙනා පස් දෙනා ගානේවත් මැයි දිනේට යන්න අරන් එන්න යැයි කියාය.
ඉදිරියට තවදුරටත් දේශපාලනයේ ඉන්නවාදැයි තමා දැන් සිතමින් සිටින බවද පැමිණ සිටි කාන්තාවන් හට කියා තිබුණි.
ඉස්සර වගේ දැන් අපට සෙනග අදින්න බෑනේ මීගමුවෙ ශ්රිලනිප සෙනග දැන් ඉන්නේ මගෙත් එක්ක නෙමේ යැයිද ඔහු එහිදි කියා ඇතැයි සැලය.