ඇමති ලංසා නාස්තිකළ රු.කෝටි ගාණක මුදල් ගැන නාගරික මන්ත්‍රි දොස්තර හෙන්රි ප්‍රශ්ණ කරයි ?

0
60
අතර මග නතර කරදමා ඇති සාප්පු සංකිර්ණය
අතර මග නතර කරදමා ඇති සාප්පු සංකිර්ණය
තැබැරුම් වත්ත
තැබැරුම් වත්ත

යහපාලන රජයේ නියෝජ්‍ය ඇමති නිමල් ලංසා විසින් මීගමුව නගර මධ්‍යයේ පිහිටි මීගමුව මහනගර සභාවට අයත් තැබෑරුම් වත්තේ ඉදිකරන්නට ගිය වෙළද සංකීර්ණය ගැන ප්‍රශ්ණ ගණනාවක්ම පසුගිය මහසභා රැස්විම වෙත ඉදිරිපත් තිබුණි.
වසර 2 ක පමණ ඉහතදි මේ ඉඩමෙහි වැඩ ආරම්භ කොට තිබුනේද ? එහි කොන්ත්‍රාත්කරුවන් වන්නේ  කව්ද ?ඒ සදහා මුදල් වැය කළ ආයනය කව්ද ?
දැනට වැඩ නවතා ඇති නම් වැය ව ඇති මුදලට වගකියන්නේ කව්ද?
වසර 2 ක් පමා වි හෝ එක්සත් ජාතික පක්ෂය විසින් මේ ප්‍රශ්ණය මහසභාවේ අවධානයට ගෙන ඒම වැදගත්ය.
මීගමුවට අදාල ඇමති නිමල් ලංසා විසින් දැවැන්ත මුල්‍ය පාඩුන් රැසක් කර තිබෙන පසුබිමක ඒ  ගැන ප්‍රසිද්ධියේ සංවාදයක් ගොඩනැගිම ඉතාමත් වැදගත් වේ.
ඒ මන්දයත් තැබැරුම් වත්තෙන් පමණක් රු ලක්ෂ 150 අධික මුදලක් නිකරුනේ නාස්තිකර දමා ඇතැයි සැලය.
තෑබෑරුම් වත්ත පමණක් නොව රාජපක්ෂ උද්‍යානය අරභයාද විශාල මුදලක් නාස්තියට ලක්ව තිබේ.
මීගමුවේ බදුගෙවන ජනයා මේ ප්‍රශ්ණ ගැන නිරත්තරයෙන්ම ප්‍රශ්ණ ඇසිය යුතුව තිබුනද අවසනාවකට එය එසේ වි නැත.
මේ නිසාම මීගමුව අරභයා ඇති පදමට මුදල් නාස්ති කරන්නටත්  හොරකම් කරන්නටත් දේශපාලන අධිකාරියට මෙන්ම ඒවාට උල්පන්දම් දුන් පරිපාලන අධිකාරියේ ඇතැම් දුෂිත නිළධාරින්ටද හැකිව තිබේ.