ඇමති ලංසා හදපු කාමච්චෝඩේ පොළ සංකිර්ණයේ අඩුපාඩුකම් රැසක්?විවෘත කිරිම කල් යයි?

0
75

ඇමති නිමල් ලංසා ඇමතිකම් දැරු පළාත් මාර්ග සංවර්ධන අධිකාරය විසින් ඉදිකරන්නට යෙදුන මීගමුව කාමච්චෝඩේ පොළ සංකිර්ණය අඩුපාඩු රැසක් ඇති බව පසුගිය දිනක හෙළිදරව් වුයේ මෙහි සිදුකරන්නට යෙදුන විශේෂ විමර්ශන චාරිකාවකදිය,මේ සදහා මීගමුව ආසන සංවිධායක සරත් ගුණරත්න ඇතුළු නිළධාරින් පිරිසක් එක්ව සිටි බව වාර්ථා වේ.
කෙසේ වෙතත් මෙහි කාණු පද්ධතිය පමණක් නොව බිම අතුරා ඇති ගල් පවා නිසි ප්‍රමිතියකින් සිදුනොකර තිබිම නිසා මෙය යළිත් පිළිසකර කළ යුතුව තිබෙන ඇමති සරත් ගුණරත්න විසින් පවසා ඇත.
ඇමති බැසිල් රාජපක්ෂ අතින් මෙය ඉදිරි දිනක විවෘත විමට නියමිත වුවද දැන් එය දින නියමයක් නැතිව කල් ගොස් තිබේ.
මේ අතර මෙහි කඩ ලබාදිම සම්බන්ධයෙන් ද ඇමති නිමල් ලංසා සිය අධිකාරිය භාවිතා කරමින් නගර සභාවේ පාලනයෙන් නිදහස් කර සිය වගකිම යටතේ කඩ බදු දිම සිදුකිරිමට කටයුතු කරමින් ඇති බවද සැලය.
පළාත් පාලන නීතිය අනුව පොළක් පවත්වාගෙන යෑම පිළිබදව සියළු පාලනයන් පැවරිය යුතුව ඇත්තේ  නගර සභාව වෙතය.
එහෙත් මීගමුවේදි එය සිදුකරන්නේ ඇමති නිමල් ලංසා හෝ ඔහුගේ පවුලේ සාමාජිකයන් විසිනි.DSC05275