එය ඉතා වැදගත් .
මේ ලිපි ගැන රටේම උනන්දුව වැඩි වෙච්ච හින්ද අනිත් මාධ්‍ය කට්ට්යත් මේ වැඩේට බැහැල සිංහලෙනුයි දැන් ඉංග්‍රිසියෙනුයි ඇට්ටි හැලෙන්න දෙන්න පටන් අරන්.
ඒක ඊටත් වැඩියෙන් හොදයි.
හේතුව ප්‍රාදේශිය පුවත්පතක් සහ වෙබ් අඩිවියක් හැටියට අපි අවුරුදු 10 ක් තිස්සේ මීගමුවේ මේ සියළු වංචා දූෂණ ගැන මරණ තර්ජන මැද්දේ තනිවම නිරන්තරයෙන්ම හෙළිකරපු හින්ද.
එතකොට මීගමුවේ ඉන්න කිසිම ප්‍රාදේශිය වාර්ථාකාරයෙක් මේව ගැන එයාලගේ මාධ්‍ය ආයතන හරහා මතු කළේ නෑ.
දැන් පෙරහැර ගිහින් ඉවරයි.
මීගමුව එහෙම පිටින්ම මංකොල්ල කාලා තියෙන්නේ.
අපි ලංකාදිපේ පත්තරෙන් මෙහෙම ඇහැව්වොත් .
මේ ලියල තියෙන දේවල් අවුරුදු ගාණක් තිස්සේ මීගමුවේ වෙච්ච දේවල්නේ.
ඇයි ඔයාල මේ විනාශයන් වංචාවන් වෙන දවස්වලම ලිව්වේ නැත්තේ.
ඔයාලගෙත් ප්‍රාදේශිය වාර්තාකාරයෝ හිටියනේ.????
අනික අපට අහන්න තියෙන්නේ ශ්‍රිලනිප මීගමුව ආසන සංවිධායක ඇමති සරත් ගුණරත්නගෙන්…
මේ සියළු දැන් මේ මතුකරන ඔක්කොම දූෂණ ගැන ඔබතුමා දැනගත්තේ මේ ලගදිද??
මේවා වෙනකොට ඒව නවත්වන්න ඔබතුමා කිසිම පියවරක් ගත්තේ නැත්තේ ඇයි?
පාලනය කළේ ඔබතුමාගේ රජයනේ?
ඔබතුමා ආසන සංවිධායකනේ?
දැන් ඇයි මේ නින්දෙන් ඇහරුනා වගේ 20 -20 ක්‍රිකට් තරඟයක් පටන් අරන් තියෙන්නේ.
කමක් නෑ මීගමුවම විනාශ වෙලා ඉවර වෙන්න ඔන්න මෙන්න කියල තියෙද්දි හරි ඇස් ඇරුන එක ගැන.
මේ සේරම විනාශ කරන්න ඉඩ දිලා මීගමුවේ පාලනය වැල්ලවිදියේ පවුලකට භාරදිලා ආසන සංවිධාකයා හැටියට නිහඩව ඉදිම ගැන අපවාදයෙන් නම් ලංකාදිපෙට ලිපි නෙමේ පොතක් ගහල මීගමුවටම බෙදුවත් ගැලවිමක් නෑ.
”මීපුර අපි ”
පහත පළවන්නේ ලංකාදිපයේ පළවු එක් ලිපියකි.
මීගමුවේ නීති විරෝධී ක්‍රියා කරන්නේ ඔබද ?
2014 අගෝස්තු මස 21 13:23:29 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
මීගමුවේ සිදු වෙතියි කියන නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් ඉරිදා ලංකාදීපය පසුගිය දෙසතියේ වාර්තා කළේය. මීගමුවේ වෙතියි කියන මේ ක්‍රියා සම්බන්ධයෙන් සොයා බලන්නැයි ධීවර නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න මහතා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාට ද ලිපියක් යවා තිබිණි. මීගමුවේ රජ කරන අදිසි දේශපාලන හස්තය ගැන නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න මහතාගෙන් විමසීමු.
වෙරළේ පොඩි රෝද කඩයක් දාගෙන ඉන්න කෙනෙක් ගෙනිහින් නඩු දමා තිබුණා. මුළු මීගමුවෙම එක පැත්තක් තියෙනවා බලහත්කාරයෙන් ගොඩනැගිලි හදලා. දේශපාලන ඥාතීන්ගේ බලකොටුවක් බවට පත්වී තියෙනවා. ළඟදි ඉඳලා පිහිනුම් තටාකයකුත් හදලා මේ පිරිසට බදු දීලා කියනවා. මට මේවා දැන් ප්‍රසිද්ධියේ කියන්න වෙලා තියෙනවා. මේවා නොකිව්වොත් මටයි චෝදනාව එන්නේ. ඉහළ බළධාරීන් මේවාට ගිහින් ටෙන්ඩර් පටිපාටිය බලන්න ඕනෑ. සමහර දේශපාලකයෝ මුදල් ගන්නවා කියනවා.
දන්නව ද?