ඇමසන් ගින්න නිවීමට G7 සමුළුවෙන් වෙන් කළ ඩොලර් මිලියන 22ක ආධාර බ්‍රසීලය එපා කියයි

0
101

Amazon-rainforest-fire-1168299

ඇමසන් අර්බුදය සහ දේශ ගුණික විපර්යාස පිළිබදව වැඩි අවදානයක් ලබාදෙමින් පසුගියදා අවසන් වූ G7 සමුළුව විසින් මේ වන විටත් ඇවිලෙමින් පවතින ඇමසන් වනයේ ගින්න මැඩපැවැත්වීම සදහා ඩොලර් මිලියන 22ක ආධාර බ්‍රසීලයට ලබා දීමට තීරණය කර තිබිණි.

 එම අධාර මුදල ලබාගැනීම ප්‍රතික්ෂේප කල බ්‍රසීලය නිශ්චිත හේතුවක් ඒ සම්බන්දයෙන් දක්වා සිදුකර කි නොතිබුණත් බොල්සොනාරෝ රජයේ ආරක්ෂක ඇමතිවරයා වන අසවේදුද සිල්වා පවසන්නේ ඇමසන් ගින්න පාලනයෙන් තොර වන්නක් නොවන බවත් සෙබළුන් 44000ක් ඒ සදහා යොදවා ඇති බවත්ය. ඇමසන් වනයේ ප්‍රමාණයෙන් 60%ක පමණ හිමිකාරිත්වයක් හිමි බ්‍රසීලය වෙත චෝදනා කල ප්‍රංශ ජනාධිපතිවරයා සදහන් කර සිටියේ ඇමසන් විනාශයට බොල්සොනාරෝ ගේ රජය වග කිව යුතු බවයි. ඊට පිළිතුරු සැපයූ රසීල ජනපති ජෙයර් බොල්සොනාරෝ පවසා සිටියේ ප්‍රංශය තමන්ට සිය යටත් විජිතයක් ලෙස සළකන බවයි.

බ්‍රසීල ජනපති බොල්සොනාරෝ ගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ඔනික්ස් ලොරෙන්සෝනි පවසන්නේ ” ස්තූතියි නමුත් එම මුදල් වඩාත් ගැලපෙන්නේ යුරෝපයේ යළි වනාන්තර බිහිකිරීම සදහා යනුවෙනි.
මක්‍රොන්ට අඩුම තරමේ ලෝක උරුමයක් වන ඔහුගේ රටේ කතෝලික දේවස්ථානය ගිනි ගන්නා විට නවත්වන්න බැරි වුණා ඔහු දැං අපට පාඩම් උගන්වන්න සූදානම්” ඔහු එසේද පවසා සිටියේය.