ඇයි මේ පිට්ටනිය හිස් .? කෝ බිස්නස්..?

0
64

Negombo-News නත්තල් කාලේට මීගමුව කියන්නේ  බිස්නස් තමයි ඉතින් . සුසාන භූමියක් නගරයේ ආසන්නයේ තිබුනොත්  එකෙත් වෙලෙන්දෝ කඩදායි.

එහෙම ගත්තම මීගමුව මහනගර සභාවේ පිට්ටනිය වෙනසැරවල නම් මේ දවස් වෙනකොට එක එක ජාතියේ සේල් වලින් පිරෙනවා.ඒත් අද  මේක හිස් . මොනම සේල් එකක් වත් නෑ.

හේතුව අපි දැනටමත් හෙළි කරලයි තියෙන්නේ.මීගමුව නගර සභාවේ මන්ත්‍රි කෙනෙක් සල්ලි ගෙවන්නේම නැතිව බුක් කරලා.එයා කල්පනා කරල තියෙන්නේ ගානක් තියාගෙන පිට්ටනිය විකුණන්න.

නමුත් එයාගේ ගානට බිස්නස් ආවේ නෑ.ඒකෙන් මොකද වුනේ.සාමාන්‍යයෙන් ලක්ෂයක් විතර හොයන්න පුලුවන් කම තියෙන මේ භූමියෙන් මෙදා ගමන කිසිම අදායමක් නෑ.