ඇලක් උඩ ෂෙඩ් එකක්

0
77
සිතියම් ගත ඇලක් මත ඉදිකර ඇති ඉන්ධන පිරවුම් හලක් !

කොළඹ හලාවත පාරේ ඇති දළුපත ෂෙඩ් එකට ගොස් ඔඛේ වාහනයට ඉන්ධන ලබාගන්නා විට ඔබ ඉන්නේ ඇලක් උඩ බව ඔබ දන්නවාද ?
දලුපත’දෙපා ඇල’ නම්වූ  මේ ඇලට නිසි පරිදි  ජලය ගෙනයා නොහැකි නිසා වැසි
දින වලදී එම ජලය පිටාර ගලමින් අසල තැබෑරුම් වත්ත ඇතුළු ප්‍රදේශ යටකරමින්  එම ජනතාව පීඩාවට පත්කරන බව ඔබ දන්නවාද ? මේ ඇලට ගලායාමට තිබුණු නිසි මාර්ගයේ  මීට පෙර ලොකු බෝක්කුවක් සහ පාර දෙපැත්තේ යකඩ වැටවවල්ද තිබූ අතර  දැන් මෙම යකඩ වැටවල් නැත.  පාරවල් පළල් කිරීමේ  ව්‍යාපෘතියක අවස්ථාව ප්‍රයෝජනයට ගත් එක්තරා අවස්ථාවාදී ව්‍යාපාරිකයෙක් එකල පොදු පෙරමුණු රජය තුළ සිටි දේශපාලන අධිකාරිය සහ පරිපාලන අධිකාරියේ  බලය උපයෝගී කරගෙන මෙම නීති විරෝධී ක්‍රියාව  සිදුකර ඇත. අපට ආරංචි වන ආකාරයට ඉතාලියේ සිට  සල්ලි වීසිකර  එම සල්ලි  ඉහතකී අධිකාරී වල සිටින මහත්වරු දෙකට තුනට නැමී  ඒවා අහුලාගත් පසු , තම පුද්ගලික අභිමතාර්ථය  සපලකර ගැනීමට අදාළ ව්‍යාපාරිකයා  සමත්වී ඇත. තැබෑරුම්වත්ත ප්‍රදේශවාසීන් මේ පිළිබදව වගකිවයුතු අයව දැනුවත් කර පෙත්සම් ආදී මගින්  මීට එරෙහිව ක්‍රියාත්මක වූ නමුත් ආත්මාර්ථකාමී පාලකයන්ගේ  අනුදැනුම මත  සිදුවූ දෙයක්නිසා  ජනතාව පරාද වී ව්‍යාපාරිකයා ජයගන්නා ලදී. අප මේ පිළිබදව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇමතූ අතර  මීගමුව ප්‍රාදේශිය ලේකම්තුමා ප්‍රකාශ කළේ තමන් මිගමුව ප්‍රදේශයට අලුතින් පැමිණි නිසා කිසිවෙකුත් මේ ගැන කිසිවක්  නොකී නිසාත්  නොදැන සිටි බවයි.

සිතියම් ගත ඇලක් මත ඉදිකර ඇති ඉන්ධන පිරවුම් හලක් !
සිතියම් ගත ඇලක් මත ඉදිකර ඇති ඉන්ධන පිරවුම් හලක් !

නමුත් ඔහුට අනුවද මෙය රජයේ දේපළක් නිසා  ඇලක් ගොඩනැගිල්ලක් ඉදිකිරීම වැරැද්දකි.එමෙන්ම මීගමුව නාගරික ඉංජිනේරුවරයාද අප සමග ප්‍රකාශ කළේ ඔහු මීගමුවට අලුත් නිසා  සිදුවූ පැරණී දේවල් පිළිබදව අවබෝධයක්  ඔහුට නැති බවයි. නමුත් මෙවැනි දෙයක් සිදුවීම වැරදි බවත් ඔහු ප්‍රකාශ කරන ලදී. මීගමුව නගරය පුරා  අනවසර ඉදිකිරීම් සහ නීති විරෝධී මෙවැනි ක්‍රියා අප්‍රමාණව සිදුවන බවත් ඒ සදහා නඩු දැමීමට හෝ වෙනත් ක්‍රියාමාර්ගයක් ගැනීමට  හැකියාවක් නොමැති බවත් ඔහු තවදුරටත් පැහැදිලි කරන ලදී. මෙවැනි අරුම පුදුම දේවල්  පසුගිය පාලන කාලයේ සිදුවීම ගැන ජනතාව ඉවසා සිටියේ  ඇයිද යන්න අප තවදුරටත් ප්‍රශ්න කරන්නෙමු.DSC_0201