ඇලක් උඩ හදපු ෂෙඩ් එක සහ මිගමුවේ ගංවතුර ප්‍රශ්ණය .

0
248

කොළඹ හලාවත පාරේ ඇති දළුපත ෂෙඩ් එකට ගොස් ඔඛේ වාහනයට ඉන්ධන ලබාගන්නා විට ඔබ ඉන්නේ ඇලක් උඩ බව ඔබ දන්නවාද ?

දලුපත’දෙපා ඇල’ නම්වූ  මේ ඇලට නිසි පරිදි  ජලය ගෙනයා නොහැකි නිසා වැසි දින වලදී එම ජලය පිටාර ගලමින් අසල තැබෑරුම් වත්ත ඇතුළු ප්‍රදේශ යටකරමින්  එම ජනතාව පීඩාවට පත්කරන බව ඔබ දන්නවාද ?

මේ ඇලට ගලායාමට තිබුණු නිසි මාර්ගයේ  මීට පෙර ලොකු බෝක්කුවක් සහ පාර දෙපැත්තේ යකඩ වැටවවල්ද තිබූ අතර  දැන් මෙම යකඩ වැටවල් නැත.  පාරවල් පළල් කිරීමේ  ව්‍යාපෘතියක අවස්ථාව ප්‍රයෝජනයට ගත් එක්තරා අවස්ථාවාදී ව්‍යාපාරිකයෙක් එකල පොදු පෙරමුණු රජය තුළ සිටි දේශපාලන අධිකාරිය සහ පරිපාලන අධිකාරියේ  බලය උපයෝගී කරගෙන මෙම නීති විරෝධී ක්‍රියාව  සිදුකර ඇත.

වාර්ථා වන අන්දමට  ඉතාලියේ සිට පැමිණි අයෙකු විසින් පසුගිය නගර සභා පාලනය සමයෙදි මෙම නීති විරෝධි ඉදිකිරිම සිදුකර ඇත.
එවකට නගරාධිපතිව සිටියේ ඇන්ටන් ජයවීරය.

තැබෑරුම්වත්ත ප්‍රදේශවාසීන් මේ පිළිබදව වගකිවයුතු අයව දැනුවත් කර පෙත්සම් ආදී මගින්  මීට එරෙහිව ක්‍රියාත්මක වූ නමුත් ආත්මාර්ථකාමී පාලකයන්ගේ  අනුදැනුම මත  සිදුවූ දෙයක්නිසා  ජනතාව පරාද වී ව්‍යාපාරිකයා ජයගන්නා ලදී.

උඩ ෂෙඩ් එක

සිතියම් ගත ඇලක් මත ඉදිකර ඇති ඉන්ධන පිරවුම් හලක් !

ඇලක් මත ඉදිකර ඇති මෙම ගොඩනැගිල්ල නීති විරෝධි යැයි මීගමුවේ සියළු ප්‍රධාන රාජ්‍ය නිළධාරින් පිළිගනිති.

. මීගමුව නගරය පුරා  අනවසර ඉදිකිරීම් සහ නීති විරෝධී මෙවැනි ක්‍රියා අප්‍රමාණව සිදුවන බවත් ඒ සදහා නඩු දැමීමට හෝ වෙනත් ක්‍රියාමාර්ගයක් ගැනීමට  හැකියාවක් නොමැති බවත් ඔහු තවදුරටත් පැහැදිලි කරන ලදී.
දශක ගණනාවක් පුරා මිගමුව පාලනය කළ එක පවුලක සාපය නිසා පෙරියමුල්ල දළුපත ප්‍රදේශවල ජනයා සෑම වැසි සමයකම අන්ත පිඩාවට පත්ව සිටිති.

දැන් ඇත්තේ ජනතා පාලනයක් යැයි බලයට පත්වුවෝම කියති. පවුල් පාලනයක සාපය අවසන් කර වැරදිකරුවන්ට දඩුවම් දෙන්නේ කවදාදැයි මහජනයා බලා සිටිතිimg 20241127 wa00633031299724524781840img 20241127 wa00609051047138049080207img 20241127 wa003512879546356187020693

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here