ඇල්බට් පිරිස් ක්‍රිඩාංගනයේ තාප්පය කැඩුවේ රෝහිත ප්‍රනාන්දුද ??

0
440
රෝහිත විසින් කැඩු තාප්පය
රෝහිත විසින් කැඩු තාප්පය
රෝහිත විසින් කැඩු තාප්පය
තාප්පය කඩන්න පෙර තිබුණ අයුරු

වෙන්නප්පුව ප්‍රාදේශිය සභාව මගින් පාලනය කරන වෙන්නප්පුව ශ්‍රිමත් ඇල්බට් ඇෆ් පීරිස් ගෘහස්ථ ක්‍රිඩාංගණය වටා ඉදිකර තිබු තාප්පයේ කොටසක් ඉකුත් 19 දා රාත්‍රි කිසියම් පිරිසක් කඩා දමා ඇතැයි වෙන්නප්පුව පොලිසිය පවසයි මෙම තාප්පය සම්බන්ධයෙන් මීට පෙරත් පොලිසියට පැමිණිල්ලක් ලැබි තිබෙන බව පවසන පොලිසිය සඳහන් කලේ යම් කණ්ඩායමක් පැමිණ එම තාප්පය කඩා දමන බවට එහි මුරකරුට තර්ජනය කර තිබු බවට එම පැමිණිල්ලේ සඳහන් බව පොලිසිය කීය මේ සම්බන්ධයෙන් විමසීමේදි වෙන්නප්පුව ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සුසන්ත පෙරේරා මහතා මෙසේ පැවසීය මෙම තාප්පය ඉදිකලේ මෙම ක්‍රිඩාංගණයේ අරක්ෂාවට මගේ පාලන කාලයේදි මෙය ඉදි කරද්දි මට ගොඩාක් තර්ජන අවා එක්තරා දේශපාලන පක්ෂෙකට ලැදි පාපන්දු කණ්ඩායමක ලොක්කෙක්ගෙන් එත් මෙම ක්‍රිඩාංගණය පොදු මහජන දේපළක් ඒ දේවල් කාටවත් ඔනේ විදියට භාවිතා කරන්න බැ මෙම තාප්පය කඩා දැමිමට ඔය පුද්ගලයා සම්පුර්ණයෙන්ම වග කියන්න ඔනේ මෙම තාප්පය කඩා දැමිමට චෝදනා ලැබ සිටින වෙන්නප්පුව නිව් යංග්ස් පාපන්දු කණ්ඩායමේ කළමණාකරු රෝහිත ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය මම රටේ පිළිගත් පාපන්දු කණ්ඩායමක් පවත්වාගෙන යන අයෙක් මම මේ පිට්ටනිය හදපු දා ඉඳලම මේ පිට්ටනියත් එක්ක ජීවත් වුනේ ඒ නිසා මට මෙකේ දේපළවලට හානි කරන්න උවමනා නැ අපේ වෙන්නප්පුව නගරය ලංකාව පුරාම ප්‍රසිද්ධ වෙන්න අපේ පාපන්දු කණ්ඩායම ලොකු මෙහෙයක් කරනවා විදේශිකයෝ පවා මේකේ සෙල්ලම් කරනවා ඒ අය තමා මෙතනින් අවේ ගියේ මගේ පුද්ගලික උවමනාවල් වලට මම මේ ගේට්ටුව භාවිතා කලේ නැ ඒ වගේ පොදු අරමුණක් වෙනුවෙන් භාවිතා කරපු මේ ගේට්ටුව වහලා සන්ධාන නායකයෝ පලි ගත්තේ මගෙන් නෙමේ වෙන්නප්පුවේ නම තියපු ඒ පාපන්දු කණ්ඩායමෙන් පාපන්දු කණ්ඩායමට ආදරය කරපු මේ අසාධාරණය ඉවසන්න බැරි පිරිසක් මේ වැඩේ කරන්න ඇති බංකොලොත් දේශපාලන නායකයෝ මාව මෙතෙන්ට කොටු කරන්න හදනවා ,වෙන්නප්පුව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩි දුර පරික්ෂණ සිදු කරයි
චන්දන ප්‍රනාන්දු