වෙන්නප්පුව නැගෙනහිර කොලින්ජාඩිය ප්‍රෙදේශයට මායිම්ව පිහිටා ඇති කුඹුරු ප්‍රෙද්ශයක් හා ගිං ඔයේ රක්ෂිකතයට අයත් බිම් තීරුවක් ගොඩකරමින් හෝටලයක් තැනීමට ඇවෙන්ඩ්‍රා හෝටලයේ අධිපති ගනේෂ් ද සිල්වා කටයුතු කරමින් සිටින බව අද ලංකාදීප වෙන්නප්පුව චන්දන ප්‍රනාන්දු මහතාගේ වාර්තාවක පළකර තිබේ. ඔහුගේ විමසීමකට පිළිතුරු දී ඇති ගනේෂ් මහතා ප්‍රකාශ කර ඇත්තේ සිය ඉදිකිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියෙන් සහ ගොවිජන සේවා ආයතනයෙන් අවසර ලැබී ඇති බවයි. නමුත් එම ආයතන වලින් විමසා සිටීමේදී ඔවුන් ඊට පරස්පර පිළිතුරුද ලබාදී තිබේ.
මේ අවට සිටින ගොවි සංවිධාන මීට පෙරද එක්තරා ව්‍යාපාරිකයෙකු විසින් මෙම කුඹුරු අනවසර ලෙස ගොඩකිරිම ගැන ගොවිජන සේවා ආයතනයට පැමිණිලි කළ විට ඔවුන්ටද ලැබුණ පිළිතුර වී තිබුණේ මෙම කුඹුරු වලට ඔප්පු නැති බවයි. නමුත් එසේ නම් ඒවා අයිති විය යුත්තේ රජයට විණා ව්‍යාපාරිකයන්ට සිතූ ලෙස මේ පරිහරණය කිරීමට ඉඩදීම පරිසර විරෝධී මෙන්ම නීතිවිරෝධීය. මෙම ඉඩම් වල වගාකිරීම නැවත්වූයේ ඇයිද යන්න මෙම ප්‍රෙද්ශ වල සිටින පැරණී වැඩිහිටියන් මෙන්ම ගොවි සංවිධාන වල සාමාජිකයන්ගෙන් විමසුවහොත් දැනගන්නටද හැකිවනු ඇත. මෙම කුඹුරු යායමත් , ගං ඉවුරත් මෙම ප්‍රෙද්ශයට අයත් තෙත් කලාපයක් වන අතර ප්‍රෙද්ශයේ ජලය ගලායෑමත්, ජෛව විවිධත්වය පාලනය කිරීමටත් ස්වභාවිකවම ලබාදි ඇති උරුමයකි.
මේ ආරම්භ වී ඇත්තේ තමන්ගේ හෝටල් ඉදිකරන්නට නිදහස් පරිසරයන් සොයා යන මුදලාලිලාගේ කූට ව්‍යායාමයකි. මෙම ස්ථානය ගොඩකිරීම වෙන්නප්පුවේ රාජ්‍ය නිලධාරීන්ගේ ඇසටද වැලි ගසා ආරම්භකර ඇති බව ඔවුන්ගේම ප්‍රකාශ වලින් අවබෝධ කරගතහැක. වෙන්නප්පුව වැවේ සිදුකළ අනවසර ඉදිකිරිම හමුවේ වෙන්නප්පුව ගොවිජන සේවා කාර්යාලය සිටියේ ද මෙවැනිම තද නින්දකය. ඔවුන්ට ඇහැරෙන විට සිදුවිය යුතු දේ සිදුවී හමාරය. මෙවැනි දේවල් කරන්නට ඇස ගසාගෙන සිටින තවත් ව්‍යාපාරික පිරිස්ද මෙම ප්‍රෙද්ශයේම සිටින අතර ඔවුන් පළමුව කරන්නේ රාජ්‍ය නිලධාරීන්ට ද නොදන්වා ප්‍රාෙද්ශීය සභාවේ හෙංචය්යලා අල්ලාගෙන මුලින්ම ඉඩම පිරවීමයි. ඉන්පසු රාජ්‍ය නිලධාරීන්ට කරන්නට වන්නේ නඩු මගට යාමට පමණි. ගොවිජන සේවා පනත යටතේ නඩු දැමූ වෙන්නප්පුවේ වැවේ ඉදිකළ අනවසර ඉදිකරීමට අවසානයේ සිදුවූයේ රාජ්‍ය දේපළක් බවට පත්කර එසේම තැබීමටය. එයද හිටපු සභාපතිවරයා විසින් දැන දැනම සිදුකළ නීති විරෝධී ක්‍රියාවකි. මෙම සිදුවීම යටකරන්නට හිටපු වෙන්නප්පුව ප්‍රාෙද්ශීය ඉංජිනේරුවරයාවද මාරුකර යැවූ බවට ද තතු දන්නෝ දනිති.ලංකාදීප වෙන්නප්පුව වාර්තාකරු – චන්දන ප්‍රනාන්දුගේ වාර්තාව.
වෙන්නප්පුව නැගෙනහිර කොළින්ජාඩිය ප්‍රදේශයේ ගිංඔය අසල කුඹුරු ඉඩමක් හා ගිංඔයේ රක්ෂිතයට අයත් භුමියක් මහා පරිමාණ ව්‍යාපාරිකයෙකු ගොඩ කරමින් හෝටලයක් ඉදි කිරිම ප්‍රදේශයේ ස්වාභාවික පරිසරයට විශාල හානියක් බව ප්‍රදේශවාසින් පවසයි රක්ෂිත හා පහත්බිම් ඇතුලත් කුඹුරු ගොඩකිරිම තහනම් කරමින් ජනාධිපතිතුමා නියෝග නිකුත් කලත් ප්‍රදේශයේ පරිසරය අරක්ෂා කිරිමට බැඳි සිටින රාජ්‍ය ආයතන මේ සම්බන්ධයෙන් නිද්‍රාශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ ජනාධිපති නියෝගයන්ට වඩා ව්‍යාපාරික නියෝග ක්‍රියාත්මක වීම නිසාද යන්න සැකයක් පවතින බව ජනතාව පවසයි. මෙම ගිංඔයේ රක්ෂිතය මීටර් 60 ක් ලෙස පැවතිය යුතු වුවත් මේ වනවිට ගිංඔය සීමාව දක්වාම බොරළු දමා පිරවීම සිඝ්‍රයෙන් සිදුවන බවත් ප්‍රදේශයේ පරිසර පද්ධතිය අරක්ෂා කරදෙන මෙන් බළධාරින්ගේ මැදිහත්වීම අපේක්ෂා කලත් මෙම විනාශය වැලැක්වීමට කිසිදු ආයතනයක් ක්‍රියාත්මක නොවීම කණගාටුවක් බව ප්‍රදේශවාසින් පෙන්වා දෙති.
ප්‍රදේශයේ දියුණුවට සංචාරක හෝටල් අවශ්‍ය වුවත් පරිසරය විනාශ කරගෙන කරන මෙවන් ව්‍යාපෘති සම්බන්ධයෙන් අවසර දීමට පෙර මෙයට වඩා රාජ්‍ය ආයතන වගකීමෙන් කටයුතු කලයුතු බව ජනතාව පවසයි.
මේ සම්බන්ධයෙන් විමසීමේදි වෙන්නප්පුව ප්‍රාදේශිය ලේකම් යු. සුජීවා ප්‍රනාන්දු මහත්මිය මෙසේ පැවසුවාය. අපි මෙම ස්ථානයට ගියා එම භුමිය කුඹුරු ඉඩමක් කියලා එහි ඔප්පු වල පැහැදිලිව සඳහන් වන නිසාත් ගිංඔය රක්ෂිතයට අයත් මීටර් 60 ක ප්‍රමාණයක ගොඩ කරමින් තිබෙන නිසාත් අපේ නිරික්ෂණ මධයම පරිසර අධිකාරියට හා ගොවිජන සේවා දේපාර්තමේන්තුවට ලබා දුන්නා. දැන් ඒ අය තමා තීරණයක් ගන්න ඔනේ.
මෙම ඉදිකිරිම් ගැන වෙන්නප්පුව ගොවිජනසේවා නිළධාරි රංජිත් පෙරේරා මහතා
මෙම ඉදිකිරිම් කරන ඉඩම කුඹුරක් කියලා හරියටම කියන්න බැ. මොකද පොල්ගස් තියෙනවා අනෙක මීට අවුරුදු 40 ට ඉස්සර තමයි මෙහි වැඩ කරලා තියෙන්නේ. හොයා ගන්නත් බෑ. විස්තර කුඹුරක් කරලා තිබෙනවද කියලා. මෙහි එක කොටසක් ගිංඔය රක්ෂිතයට අයත් වෙන නිසා අපි ගොවින ජනසේවා කොමසාරිස්තුමාට මේ ගැන දන්වලා තියෙන්නේ විසඳුමක් බලාපොරොත්තුවෙන්.
අපි නෙමෙයි මෙහි ඉදිකිරිම් කරන්න අවසර දුන්නේ යනුවෙන් පැවසීය.
මධ්‍යම පරිසර අධිකාරියේ කුරුණගල ප්‍රාදේශිය කාර්යාල ප්‍රධානි එන් ඩි කිරිඇල්ල මහතා
‘අපේ නිළධාරින් මෙම ස්ථානය පරික්ෂා කරන්න ගිහින් තිබෙනවා ප්‍රාදේශිය ලේකම්තුමිය වගේම ගොවිජන සේවා නිළධාරි තුමත් මේ අවස්ථාවට එක්වි සිටියා. ගිංඔය රක්ෂිතය හා පහත්බිමක් මත තමා මෙම ඉදි කිරිම් පටන් අරන් තිබෙන්නේ අපිට තොරතුරු ලැබුනේ ප්‍රාදේශිය ලේකම් තුමිය මෙය නවත්වා ඇති බවයි.
කොහමත් අපි සොයලා බලන්නම් එම ස්ථානයේ මොකද වෙන්නේ කියලා.
මේ සම්බන්ධයෙන් එම හෝටලය ඉදි කරන ව්‍යාපාරික ගනේෂ් ද සිල්වා මහතාගෙන් විමසිමේදි ..
‘‘මම ගොඩාක් පරිසරයට ආදරය කරන කෙනෙක් මම මේ හෝටලය හදන්නෙත් පරිසරය අරක්ෂා කරගෙනම තමයි. මොකද මේ ලස්සන පරිසරය විනාශ කරගෙන මේ හෝටලය ඉදිකරලා වැඩක් නෑ කියලා මම අවබෝධ කරගෙන ඉන්නේ, අනෙක් කාරණය මෙම ඉදි කිරිම්වලට මද්‍යම පරිසර අධිකාරියෙන් ගොවිජන සේවා එකෙන් ප්‍රාදේශිය සභාවෙන් අවසර අරගෙන නීත්යානූකූල ලෙස තමයි මෙම ඉදිකිරිම් කරගෙන යන්නේ යනුවෙන් පැවසිය”