ඇවෙන්රා අධිපතිගේ  විදෙස් ගමන් තහනම සහ තවත් කථා..?

0
204

(12.30 pm ) කූට ලේඛන ඉදිරිපත් කොට නීති විරෝධී ලෙස කෝටි ගණනක් වටිනා වාහන මෙරටට ගෙන්වන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටිමින් විදේශ ගමන් තහනමකට ලක් වූ කෝටිපති ව්‍යාපාරිකයකු පසුගිය  20 වෙනි දින එම විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස අධිකරණයෙන් කළ ඉල්ලීම මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුදර්ශමා ප්‍රේමරත්න මහත්මිය විසින් තරයේ ප්‍රතික්ෂේප කරමින් එම විදේශ ගමන් තහනම් නියෝගය තවදුරටත් ක්‍රියාත්මක කරන ලදී.

මෙලෙස විදේශ ගමන් තහනම ඉවත් නොකිරීමට නියෝග ලැබුවේ මීගමුව ඇවෙන්ඩ්‍රා ගාඩින් හෝටල් සමූහයේ අධිපති වරයාය.

නීති විරෝධී ලෙස ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් මෙරටට මෙවැනි වාහන කීපයක් ගෙන්වීමේ සිද්ධියක් සම්බන්ධව මේ තැනැත්තාට එරෙහිව මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට තොරතුරු ලැබී තිබුණි,

එම තොරතුරු අනුව විමර්ශන ආරම්භ කිරීමෙන් අනතුරුව මෙම පුද්ගලයාගේ විදේශීය ගමන් තහනම් කරන ලෙස ඉල්ලා කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම තහනම පනවා තිබුණි,

අධිකරණය මගින් මෙම විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස ඉල්ලා ඔහු විසින් ඉදිරිපත් කළ අයදුම මහේස්ත්‍රාත්වරිය (20) දින සලකා බැලීම සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ගෙන්වා විමසීමෙන් අනතුරුව මෙම විදේශ ගමන් තහනම ඉවත් නොකර බලාත්මක කරන බව සඳහන් කර සිටියේය.

මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සහ පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාශ එක්ව සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර පසුගිය කාලයේ කටාන පොලිසිය විසින් මිරිස්වත්ත ප්‍රදේශයේ නිවසක නවතා තිබුණ වි 8 වර්ගයේ වාහනයක් අත්අඩංගුවට ගෙන තිබුණි.

එකලස් කරන ලද මේ වාහනය සම්න්ධයෙන් පොලිස් රාජකාරියේ යම් මන්දගාමි බවක් ඇතැයි තතු දත් මිගමුවේ ඇතැමුන් චෝදනා කර සිටිති.

කෙසේ වෙතත් වෙනත් නගර වලදි බට් වාහන අත්අඩංගුවට ගෙන ඒවා පාවිච්චි කරන ලද කඩිනමින් නිතිය හමුවට ගෙන ඒමට කටයුතු කළද මිගමුවේදි එය එසේ වුයේ නැත


එමෙන්ම මීගමුවේ ඇතැම් දේශාපලකයන් විසින්ද බට් වාහන භාවිතා කර ඇති බවත් එවැනි වාහන විවාහ මංගල උත්සව වලට පවා ලබා දි ඇති බවත් කියැවේ . එසේ භාවිත කර ඇති වාහන වල අංක තහඩු ඉතා පැහැදිලිවම වෙනත් අයගේ ඒවා බවද දැනගන්නට ඇත.

ඒ කෙසේ වෙතත් බට් පැදපු මිගමුවේ කුප්‍රකට වි 8  දේශපාලකයෝ තවමත් නිරුපද්‍රිතව සිටිති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here