“ඇවෙන්රා ” වෙඩි තැබිමෙන් සිදුවු ඝාතන ගැන සමාජය නිහඬද?

0
104

පසුගියදා කටාන ප්‍රදේශයේ ඇවෙන්රා හෝටලය තුල සිදුවෙමින් තිබුන විනාශය තුල සිදුකර තිබුන වෙඩි තැබිම් හේතුවෙන් මිය ගිය අය ගැන ජනමාධ්‍ය මෙන්ම සමස්ත සමාජයම නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බව පෙනේ.

මැයි 9 වෙනිදා රාත්‍රියේ සිදුව තිබුන මෙම වෙඩි තැබිමේදි පස් දෙනෙකු තුවාල ලබා මිගමු රෝහලට ඇතුලත් කර තිබුණි.මින් එක් අයෙකු රෝහලට ඇතුලත් කරන අවස්ථාවේම මිය ගොස් තිබුන අතර 19 වියැති තරුණයෙකු ආසාධ්‍ය තත්වයෙන් කොළඹ මහ රෝහලට යවා තිබුනද පසුව ඔහුව යළිත් මිගමුවට එවා තිබුණි.

ස්වසන යන්ත්‍ර අධාරයෙන් දින කිපයක් දිවි ගෙවු ඔහු මැයි 13වනදා මිය ගොස් ඇත.

ඇවෙන්රා හිමිකරුවන් විසින් බිලිගත් මේ අයවෙනුවෙන් යුක්තිය ඉටුකිරිම ට තවත් කල්යැවිය යුතු නැතැයි මිගමුව අඛණ්ඩ විරෝධතා භුමියේ ක්‍රියාකාරින් මිපුර වෙබ් අඩවියට පවසා සිටියහ.

ඇවෙන්රා මිනිමරුන්ට දඬුවම් කරන ලෙස ඉල්ලා තවත් නොබෝ දිනකින් විරෝධතාවයක් සංවිධානය කරන බවද අඛණ්ඩ විරෝධතාවයේ නියෝජිතයෝ කියා සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here