ඇස් කන් නැති බලධාරීන් ගේ නොසැලකිල්ල තවත් දරුවෙකු බිලි ගනී.

0
240


කොළඹ සිට මීගමුවට පැමිණෙමින් තිබූ දුම්රියක ගැටිමෙන් මීගමුව, කඩොල්කැලේ ප‍්‍රදේශයේ කුලී නිවසක  පදිංචිව හුන් 16 හැවිරිදි පාසල් දරුවෙකු පසුගිය 06 වැනි සෙනසුරාදා සවස ඉතා අවසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්විය. සංගීත් මධුසංක පෙරේරා නැමැති මෙම සිසුවා එදින සවස මීගමුව ගල්කන්ද හන්දියේ පිහිටි පෞද්ලගලික උපකාරක පංතියකට සහභාගී වී සිය පා පැදියෙන් ආපසු නිවසට පැමිණෙමින් සිටියදී මෙම මාරක දුමිරිය අනතුරට මුහුණ පෑවේය.
මිය යන විට මාරිස්ටෙල්ලා විද්‍යාලයේ 11-බී ශ්‍රේණියේ අධ්‍යාපනය
ලබමින් සිටියේය.
මෙම මාරක අනතුර සිදු වු මීගමුව, අගරදගරු නික්ලස් මාකස් මාවත හෙවත් අඵත් පාරේ එම දුම්රිය හරස් මාර්ගය දැනට වසර කිහිපයක සිට දැඩි ලෙස ආනාරක්ෂිත තත්වයට පත් ව ඇති ස්ථානයකි. පසුගිය වසර කිහිපය තුල එම ස්ථානයේදී සිදු වූ දුම්රිය අනතුරු වලින් 25 දෙනෙකු පමන ඉතා අවසනාවන්ත ලෙස ජීවිත්ක්ෂයට පත්ව තිබේ. එලෙසම එවැනිම ප‍්‍රමාණයක් තම අත් පා වලින්ද වන්දි ගෙවා ඇත. වගකිව යුතු බලධාරීන් ට සහ නිළධාරීන්ටද එලෙසම ප‍්‍රදේශයේ දේශපාලන නායකයන්ටද මෙම ස්ථානයේ ඇති දැඩි ආනාරක්ෂිතභාවය පිලිබදව එම ප‍්‍රදේශවාසීන් ලිඛිතව සහ වාචිකව කිහිප වතාවකදීම දැනුවත් කලද ඒවායින් කිසිදු යහපත් ප‍්‍රතිඵලයක් මෙතෙක් අත් වී නොමැත.
CD සහ DVD පට අලෙවි ස්ථානයක් පවත්වා ගෙන යන සිසිර කි‍්‍රෂාන්ත පෙරේරා සහ මේනකා ප‍්‍රනාන්දු යුවලගේ වැඩිමහල් පුතු වු සංගීත් මධුසංකට තවත් බාල නැගෙනියන් තිදෙනෙකි. මීගමුව ශාන්ත මරියා විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය හදාරා 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය විශිෂ්ඨ ලෙස සමත් වී පසුව ඔහු මාරිස්ටෙල්ලා විද්‍යාලයට ඇතුලත් වී එහි පැවැති ශිෂ්‍යත්ව පරීක්ෂන විභාගයෙන්ද ඉහලින්ම සමත් වී තිබේ. මේ වසරේ දෙසැම්බර් මාසයේ පැවැත්වෙන සාමාන්‍ය පෙල විභාගය විශිෂ්ඨ අයුරින් සමත්ව උසස් පෙල සදහා ගණිත විෂයන් වලින් පෙනී සිට අනාගතයේ දක්ෂ ඉංජිනේරුවරයෙකු වීම ඔහුගේ සිහිනය විය. ගණිතය සහ විද්‍යාව යන විෂයන් දෙකට විශේෂ දස්කම් දක්වා ඇති ඔහු බැට්මින්ටන් සහ මළල කි‍්‍රඩා යන කී‍්‍රඩා සදහාද සහභාගී වී විශේෂ ජයග‍්‍රහන රැසක් අත් කර ගෙන සිටි දක්ෂ දරුවෙකි. ඉලෙක්ට්‍රොනික විද්‍යාවට වඩාත් නැඹුරු වී සිටි ඔහු දක්ෂ ඉලෙක්ට්‍රොනික් නිරිමාණ ශිල්පියෙකි. එලෙසම ඔහු මාරිස්ටෙල්ලා විද්‍යාලයේ කැපී පෙනෙන ශිෂ්‍ය නායකයෙකු ද වේ.
ඇස් කන් පියා ගෙන සිටින වගකිව යුතු බලධාරීන්ගේ නිද්‍රාශිලී භාවය හමුවේ මෙවැනි ආනාරක්ෂිත දුමිරිය හරස් මාර්ගයන් හී තවත් මෙවැනිම මාරක අනතුරු හෙට දවසේදීද සිදුවනු ඇත. මෙවැනි ආනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග වල ආරක්ෂාව තහවුරු කිරීමට වගකිව යුතු  බලධාරීන් දැන්වත් කී‍්‍රයා නොකරන්නේ නම් සංගීත් වැනි තවත් දක්ෂ සහ  උගත් දරුවන් අප සමාජයටත්, රටටත් එලෙසම මේ ලෝකයටත් සදා අහිමි වනු නොවනුමානය.
මිය ගිය සංගීත් මධුසංක පෙරේරා සිසුවාගේ දේහය මේ වන විට ඔවුන් කලින් පදිංචි වී සිටි කුරුණ, රජ මාවතේ පිහිටි ඥාති නිවසක තබා ඇත.