ඇ.ඩො. 100 නෝට්ටු ලක්ෂක් සමග කාන්තාවක් රේගුවට කොටුවේ

0
125

චෙන්නායි සිට මෙරටට පැමිණි කාන්තාවක්  නීති විරෝධීව මෙරටට රැගෙන ආ මුදල් තොගයක් කටුනායක රේගුව විසින් අද උදෑසන අත්අඩංගුවට ගෙන තිඛේ.  මගියෙකුගේ ගමන් මල්ලේ තිබී ඇමෙරිකා ඩොලර් 100 නෝට්ටු ලක්‍ෂයක් සොයාගත් බවයි රේගුව ප්‍රකාශ කර සිටියි.

චෙන්නායි සිට මෙරටට පැමිණි  මෙම  කාන්තාවගේ ගමන් මලු පරීක්‍ෂා කිරීමේ දී මෙම මුදල් සොයා ගෙන තිඛේ.
වාර්තා වන පරිදි  ගුවන්තොටුපොළේ කිසිවක් ප්‍රකාශ නොකරන දොරටුවෙන් පිටවීමට මෙම කාන්තාව උත්සාහ දරා ඇති   අතර  එහිදී එම කටුනායක රේගු මත්ද්‍රව්‍ය නාශක අංශ නිලධාරීන් විසින්   මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ගමන් මලු  පරීක්ෂා කර ඇත. මෙම කාන්තාව ළඟ තිබී සොයාගත් ඇමෙරිකා ඩොලර් නෝට්ටුවල වටිනාකම රුපියල් එක්කෝටි පනස් තුන් ලක්‍ෂය ඉක්මවන බව කටුනායක රේගු අධ්‍යක්‍ෂ පරාක්‍රම බස්නායක මහතා  මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිඛේ.