ඉඩම්,දේපළ වෙළදාම්කරුවෝ සහ නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාව

0
228

කටුනේරිය ප්‍රදේශයේ ඇති විශාල පොල් ඉඩමක් වෙන්දේසි කිරීමෙන් පසු ඇතිවූ පරිසර ප්‍රශ්නයක් පිලිබදව පසුගිය කාලයේ අප වාර්තා කළෙමු.
මෙම ඉඩමේ කොටස් මිළදී ගත් ජනතාව පසුගිය මාස කීපයේ තම ඉඩම් හා නිවෙස් ජලයෙන් යටවීමේ තර්ජනයකට මුහුණ පෑවේය. ඒ මෙම ඉඩමේ පිහිටා තිබූ ස්වභාවික ඇල මාර්ගයක් මෙම වෙන්දේසිකරුවන් විසින් සිදුකර ඇති අක්‍රමවත් ගොඩකිරීම් නිසා ඇතිවූ  ගැටළුවක් හේතුවෙනි. එහි පදිංචිකරුවන් විසින්  පසුගිය කාලයේ මෙම ප්‍රශ්නය විසදා දෙන ලෙස නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාව ඇතුළු සියළුම වගකිවයුතු ආයතන හා නිලධාරීන් වෙත දැනුම් ‍දුන් අතර නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාව විසින් එහි පදිංචිකරුවන් හා ඉඩම් වෙන්දේසි කරුවන් දෙපාර්ශවයම ගෙන්වා සාකච්ඡාවක් පවත්වා තිබේ. එහිදි ප්‍රාදේශීය සභාපතිවරයා විසින් පොරොන්දු වී ති‍බුණේ
හැකි ඉක්මණීන් මෙම ගැටළුවට විසදුම් ලබාදෙන බවයි.
වාර්තා වන අන්දමට නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාව විසින් පොරොන්දු වූ පරිදි  මෙම අඩප්පර වත්තේ ගැටළුව විසදීමට කිසිදු පියවරක් ගෙන නොමැත.
මෙම  අඩප්පරවත්තේ  වෙන්දේසිකරුවන් වන්නේ සුරංග දේපළ සමාගම සහ බෙලින්කෝ  නම් ව්‍යාපාර කරුවන්වේ.
නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාව මෙම ඉඩම් වෙන්දේසිකරුවන් හට ඉඩම් විකිණීම සදහා පහසුකම් සපයාදෙන්නට ඉක්මන් වන  තරමට  එහි පදිංචි ජනතාවගේ ප්‍රශ්න වලට මැදිහත් නොවන්නේ මන්දැයි අප විසින් මතුකරන ප්‍රශ්නයයි. ඒ පිළිබදව ඉදිරියේදී  ජනතාව දැනුවත් කිරීමට අප බලාපොරොත්තු වෙමු.