
පසුගිය දින කිපය තුල ලොව පුරා කොරෝනා වෛරසය පැතිර යාම තුලින් වැඩිම තර්ජනය එල්ලු නගරය බවට පත්ව තිබුනේ ඉතාලියයි.
වෛරසය පැතිර යෑම ඇරඹුණ චීනයට වඩා මේ වන විට ඉතාලියේ තත්වය දිනපතා ව්‍යවසනකාරි වෙමින් තිබේ.
ඊයේ දිනයේ චිනයේ මිය ගිය ගණන 28 ක් වෙද්දි ඉතාලියේ පමණක් 97 දෙනෙකු මිය ගොස් තිබුණි.
මේ පසුබිම තුල ඉතාලිය විසින් මුලු රටම රතු කලාපයක් ලෙසින් මේ වන විට නම් කර තිබේ.
මේ අතර අත්‍යවශ්‍ය යෑම් ඊම් සදහා විදිමත් පෙර අවසරයක් මත එය සිදුකළ හැකි බවද ඉතාලියේ වෙසෙන ශ්‍රිලාංකිකයන් විසින් සිය මුහුණු පොත හරහා තම සහෝදර ජනයාව දැනුම්වත් කර තිබුණි.