ඉතාලියෙන් එන බඩු බෙදන ගෝනවිල ඉසුරුලාගෙන් මිපුරට තර්ජන !

0
65

thugs( 9.45 am ) ඉතාලියෙන් එන බඩු පෙට්ටිවල බඩු ලංකාවේදි නැතිවිම පිළිබද ප්‍රශ්ණය ගැන පසුගිය දිනවල අප විසින් කරන්නට යෙදුන හෙළිදරව්ව නිසා දැවැන්ත සංවාදයක් දැන් නිර්මාණය වි තිබේ.
පසුගිය කාලය තුල ලංකාවට එවන බඩු නැතිවිම පිළිබදව අප ඊයේ රේගුවේ ඉහල නිළධාරියෙකුගෙන් කළ විමසුමකදි කියා සිටියේ බඩු නැතිවන්නේ නම් ඒ ගැන අදාල ඒජන්තවරුන් ඒ ගැන බලාගත යුතු බවය.
එසේ නැත්නම් රේගුවේදි බඩු නැතිවන්නේ නම් ඒ ගැන රේගුවට පැමිණිලි කළයුතුව ඇතැයිද ඔහු කියයි.
තතු මෙසේව තිබියදි අද පෙරවරුවේ ගෝනවල ඉසුරු නැමැත්තා මිපුර අමතා බැනවැදි තර්ජනය කළේ අප විසින් බඩුනැතිවිම ගැන ඒවා බෙදාහරින ඒජනන්තයන් වගකිය යුතුව ඇතැයි කියමින් කළ හෙළිරව් කිරිම් නිසාය.
මෙහි සටහන් තැබිය නොහැකි අන්දමේ කුණුහරුප ගොන්නක් සටපට ගා කිවා පමණක් නොව ඊටම එක්වු ගෝනවල ඉසුරුගේ බිරිඳ ද ඉසුරුට නොදෙවනි අන්දමේ කුණුහරුප  කියමින් අපට එරෙහි තර්ජනයට එක් විය.තෝපේ හත්මුතුපරම්පාරවට හෙණ ගහන්න ඕනා. පණුවෝ ගහන්න ඕනා. කාලකණ්නි යැයි කියා පටන් ගත් මේ කුණුහරුප වැලේ ඉතිරිය මෙහි සටහන් තැබිමට තරම් නොවන්නේ ඒ තරම් ඒවා අශෝභන බැවිනි.
දැන් එකක් පැහැදිලිය.
ඉසුරුලා සහ මිලාන්ලා ඉතාලියෙන් බඩු එවන්නේ නොමිලේ නොවේ . එ සදහා අදාල ශ්‍රිලාංකිකයන් ඒ වෙනුවෙන් අදාල මුදල් ඔවුන්ට ලබා දේ.
ඒ අතර ඔවුන් එළඹෙන ගිවිසුමක් වේ එනම් එකි බඩු අස්ථාගත නොකර අදාල පවුල් වෙත ලබාදෙන බවට වු පොරොන්දුවයි.
දැන් ඉසුරුගේ නෝනාගේ කටට කුණුහරුප එන්නේ ඉසුරු සහ මිලාන්ගේ හවුල් ව්‍යාපාරය විසින් ඉතාලියේ සිටින ශ්‍රි ලාංකිකයන්ට දුන් පොරොන්දුව ඉටුකිරිමට අපොහොසත් විම නිසාය.මේ ගැටළුව අද වන විට ඉතාලියේ වෙනත්
ඇත්තට ඒ අය මහත්තුරුන් සහ නෝනාලා නම් කළ යුතුව ඇතිව තමන්ගේ තරමටමත් නොගැලපෙන කුණුහරුප කියා කියා බෙරිහන් දෙනු වෙනුවට තමන් විසින් කරගෙන ගිය ව්‍යාපාරයට අදාලව ඇති චෝදනා යළිත් නොඇසෙන තැනට වැඩකටයුතු කරගෙන යාමය.
එසේ කළ නොහැක්කේ නම් විශ්වාසවන්න කම රකින්න ට බැරි බිස්නස් නවතා දැමිමය.
ඉසරු මහත්මාගේ වැදගත් නෝනා මහත්මියට අපට කියන්නට අැත්තේ අප සඳ පෙන්වන විට ඇඟිලි දෙස නොව සඳ දෙස බලන්නට යැයි කියාය.
සඳ පෙන්වන විට ඇගිල සපා කැමට ඉදිරියට නොපනින ලෙසය.
අප විසින් මතුකරන ලද මේ කරුණු නිසා ඔවුන්ගේ දරුවන්ට ලැජ්ජාවක් සිදුව ඇතැයිද ඒ නෝනා කියයි. එසේ කියන ඉසුරු නෝනාට අමතක ව ඇති කරුණක් වේ.එනම් ඉතාලියෙන් ලංකාවේ දරුවෙකුට එවන කිසියම් හෝ බඩුවක් නැතිවන්නේ නම් ඒ ගැන ආශාවෙන් බලා සිටි දරුවෙකුට ඇතිවන හැගිම ගැනද අමතක නොකරන ලෙස මතක් කර තැබිමට අප කැමැත්තෙමු.
කෙසේ වෙතත් මේ ප්‍රශ්ණය දැන් මතුව ඇති තත්වය අනුව ඉහල මට්ටමේ මැදිහත්විමක් මගින් හෝ විසදුමක් ලැබිය යුතුව තිබේ.