ඉතාලියෙන් එවන බඩු නැතිවීම පිළිඳව රේගු නිලධාරීන්ට පිළතුරක්

0
66
ඡායාරූපය - අන්තර්ජාලයෙන්

cd6d412fc364a5d420ba8e3ae4f33ad1
ලංකාවට යවන බඩු හොරකම් කරන්නේ රේගුාවන් යැයි කාගෝ ඒජන්තකරුවන් පවසයි.
“අපි ඒ චෝදනාව ප්‍රතික්ෂේප කරනවා යයි රේගු නිලධාරීන් කියයි.නොකියා කියන්නේ “අපි නෙමෙයි ගන්නේ කාගෝ ඒජන්තකරුවන් කියලයි.
ඉතාම කෙටියෙන් මේ දෙපාර්ශ්වය එක් අංශයක හෝ නැතිනම් දෙපාර්ශ්වයම මෙයට වගකිවයුතු බවයි.
කන්ට්‍රේනරයක් ක්ලිය කිරීම සඳහා කස්ටම් නිලධාරීන්ට ලොකු පගාවක් දිය යුතු බවත් ඒසේ නොදී මේ රැකියාව කළ නොහැකිබවත් පවසන්නේ කාගෝ ඒජන්තකරුවන්ය.
ඒ හා සමාන සත්‍ය කතාවක් මෙ ලියුම්කරු දනිති.
මෙයට වසර 3කට පමණ ඉහතදී කස්ටම් එකේ ඉහළ නිලධාරීයෙක් මිලානෝ නගරයට පැමිණියේය. ඔහුගේ සියලු අවශ්‍යතාවයන් ඉටුකළෙත් ඒ වෙනුවෙන් සියලු වියදම් දැරුවෙත් කාගෝ ඒජන්තවරයෙකි.
“අපි මේ බිස්නස් එක කරනවා නම් මුන් හොඳින් තියාගන්න ඕනා. “යැයි කාගෝ ඒජන්තවරයා කියූ ඒ කතාව මට අද මෙන් මතකය.
එහෙත් කාගෝ නිලධාරීන් පෙට්ටි වලට ඇන සුළු වටිනාකමින් යුත් බඩු (තුට්ටු⁣ෙදකේ හොරකම්) නොකරන බව අපි ඉතා හොඳින්ම දන්නෙමු.
මීට ඉහත අවස්ථා කීපයකම මේ බඩු ක්ලිය කර දීමට මෙපමණ මුදලක්අවශ්‍ය යයි එම මුදල පගාව වශයෙන්  ගෙන බඩු නිදහස් කොට දුන් බව මෙම ලියුම්කරු දනිති.
එහෙත් එම මුදල් සැබවින්ම ගන්නේ කවුරුන්දැයි අපි නොදනිමු.
අප කියන්නේ ඒජන්තකරුවන් අපට කියන කතාය.
මේ සියලු කතා බොරු නම් සිය කීර්තිනාමය විනාශ කරන කා⁣ගෝ ඒජන්තයින් පිළිබඳ රේගු නිලධාරීන් ක්‍රියාතමක විය යුතුය. වැඩිම කන්ට්‍රේන ප්‍රමාණයක් නැව්ගත කරන කාගෝ නියෝජනය ඇත්තේ මිලානෝ වලය.දෙවන නගරය රෝම නගරයයි.එපමණක් නොව  මුලු ඉතාලියේම කාගෝ ඒජන්තකරුවන් උපරිම 20ක් විය හැකිය.
මේ සියලු දෙනා පිළිබඳව අපට වඩා හොඳින් දන්නේ කස්ටම් නිලධාරීන්ය.මේ දෙපිරිස අතර ඇති මනා සම්බන්ධය හා ගනුදෙනු කුඩා දරුවන් පවා දන්නා ප්‍රසිදධ රහස්ය.”එක එල්ලේ ලුනු කන” මේ දෙපිරිස  එකිනෙකුට ඇඟල්ල දිගු කරමින් මේ හොරකම් වලින් ගැලවිය නොහැක
සැබෑ හොරු කවුරුන්දැයි ජනතාවට හෙළි කළ යුතුය.
නැතහොත් “මුන් දෙගොල්ලොම එක්වී මේ ගේම දෙනවා ” යන මතය සමාජගත වනු ඇත.


ලාසියුස්   ක්‍රිස්ටෝපර් මිලානෝ