ඉතාලියෙන් එවන බඩු පෙට්ටිවල බඩු හොරකම් කරන්නේ කව්ද ? රජය උත්තර සෙවිය යුතුයි !

0
172

Spicy-Tomato-Herb-Meatballs3-2014TSRI-wide2(8.00 am ) ඉතාලියේ වෙසෙන අතිබහුතරයක් ශ්‍රි ලාංකිකයන්  මේ දිනවල මුහුණ දෙන එක් ප්‍රධාන ප්‍රශ්ණයක් පිළිබදව ප්‍රධාන අවධානයක් යොමුකිරිමට අප වෙබ් අඩවිය මේ දිනවල තිරණයක් ගෙන ඇත.
එනම් ඉතාලියේ සිට මෙරටට එවන බඩු පෙට්ටි  වලින් බඩු අතුරුදහන් විම පිළිබදව මතුව ඇති ප්‍රශ්ණයයි.
එවන ලද බඩු  මෙරට සිය පවුල් වල අයට ලැබිමට පමා විමත් ඇතැම් අවස්ථාවලදි එ පෙට්ටිවල බඩු නැතිවිම ගැනත් අප වෙබ් අඩවිය විසින් හෙළිදරව්වක් කරන්නට යෙදුණි.
මෙහිදි අපගේ ප්‍රධාන අවධානය යොමුව තිබුනේ බ්‍රෙෂියා නගරයේ සිට එවන ලැබ තිබු බඩු පෙට්ටි බෙදාහැරිමේ වැඩපිලිවෙල ගැනය.
අප විසින් පළකරන ලද ලිපියකින් පසුව එක් හොදක්  සිදුව තිබුණි. එනම් දුරකථනයෙන් පවා සම්න්ධ කරගැනිමට නොහැකිව සිටියේ යැයි කියන අදාල ඒජන්තවරුන් විසින් දුරකථනයට ප්‍රතිචාර දැක්විමට පටන්ගෙන තිබිමයි.
බ්‍රෙෂියා සිට මෙරට එවන බඩු පෙට්ටි අදාල අය වෙත බෙදාහරින දංකොටුවේ ගෝනවල පදිංචි  ඉසුරු යන අයද අප අමතා කථා කළේය.
ඔහු විසින් කරන්නට යෙදුන ඇතැම් පැහැදිලි කිරිම්ද අප විසින් පළකොට තිබේ.|
තතු එසේව තිබියදි  පසුගියදා අප ඇමතු ඉසුර කියා සිටියේ අප විසින් පළකර ඇති ලිපිය සම්බන්ධයෙන් නඩු දැමිමට එරෙහිව පියවර ගන්නා බවය.
නඩු දැමිමට හේතුව කුමක්දැයි අප පෙරළා ඔහුගෙන්  අසා සිටියද ඒ ගැන පැහැදිලි පිළිතුරක් ඔහු කිවේ නැත.
අප යළිත් විමසා සිටියේ ඔබ මේ කරන්නේ වක්‍රආකාරයෙන් කරන්නේ තර්ජනයක් නොවේදැයි අප විමසා සිටියෙමු.
තවදුරටත් ඔහු අපට තර්ජනාත්මකව කියා සිටියේ තමන්ගේ නිතිඥ මහතා විසින් දුරකථන ඇමතුමක් ලබාදිමට නියමිත බවත් එයට අනිවාර්යෙන්ම අප පිළිතුරු දිය බවත්ය.
මිපුර වෙබ් අඩවියේ ශ්‍රිලංකාවෙන් පිටත වැඩිම පාඨකයන් පිරිසක් සිටින්නේ ඉතාලියේය.
එබැවින් මේ දිනවල ඒ අතිබහුතරයක් මුහුණ දි සිටින මේ බඩු නැතිවිම පිළිබද ප්‍රශ්ණය පිළිබදව පුලුල් සමාජ කතිකාවක් ඇරඹිමට අප දැන් මුලපුරා සිටින්නේමු.
එහි අරමුණ වන්නේ පුද්ගලයෙකු හෝ පුද්ගලයන් පිරිසක් නොව වැරැද්දක් නිවරදි කරගැනිමය.
අප සඳ පෙන්වන විට ඇතමුන් බලන්නේ සඳ දෙස නොව ඇඟිල්ල දෙසය.
කෙසේ වෙතත් ශ්‍රි ලංකාවට විශාල විදේශ විනිමයක් ගෙනඑන ඉතාලියේ වෙසෙන සියළු ශ්‍රි ලාංකික සේවකයන් මුහුණ දෙන ප්‍රශ්ණ විසදාලිම සදහා රජය වහා පියවර ගත යුතුව තිබේ.මේ බඩු හොරකම් කරන්නේ ඒජන්තයන්ද නැතිනම් ඔවුන්ගේ ගෝලයන්ද එසේත් නැතිනම් රේගුවේ අයදැයි යන්නට නිසි පිළිතුරක් ලබාදිම රජයේ ආදල බලධාරින්ගේ වගකිමයි.
එහිලා මේ බඩු නැතිවිම සහ බඩු බෙදාහැරිම පමා විම ගැන ප්‍රශ්ණයට ස්ථිරසාර පිළිතුරක් සපයාලන්නට රජය මුලිකත්වය ගතයුතුව තිබේ.රට මුහුණ දි ඇති මුල්‍ය අර්බුද තත්වයක් හමුවේ ඒ අර්බුදයන්හිද විදේශ විනිමය වැඩිකන්නට දායක වෙන් මේ ශ්‍රිලාංකිකයන් ගැන රජය මිට වැඩිය සිතුව යුතු නොවේද ?