ඉතාලියේදී පාසල් දරුවන් පනස් එක් දෙනෙක් ගිනි තබා මරා දැමීමට තැත් කරයි. අනතුර වැළැක්වූ වීරයා “රාමි”

0
162

Screen-Shot-2019-03-21-at-9.00.34-AM

පසුගිය 22වන බදාදා මෙම සිදුවීමට මුහුණ දුන්නේ ඉතාලියේ මිලානෝ නගරයේ පාසල් සිසුන් 51 දෙනෙකි. 46 වියැති “උසෙනුසි” නමැති සෙනෙගල් ජාතික රියදුරා මෙම අපරාධය සිදුකළ පුද්ගලයා ය.
පසුගිය විසි වෙනිදා ඉතාලියේ මිලානෝ නගරයේ සිට කිලෝ මීටර් දහයක් දොළහක් පමණ දුර වූ
“සන්දොනාතෝ” මාර්ගයේ දී මෙම  පැහැරගැනීම සිදුවීය.

වයස අවුරුදු දොළහත් දහතුනක් අතර වූ පාසල් බස් රථයේ සිටි දරුවන් පනස් එක් දෙනාම පෙට්ට්‍රල් වත්කොට ගිනි තබා මරා දැමීම ඔහුගේ සැලැස්ම විය.
ප්‍රථමයෙන් බස් රථයේ සිටි ගුරුවරයා හා සහයිකාවන් දෙදෙනා බියගන්වා සියලු දෙනාම ගිනි තබා මරන බවට තර්ජනය කොට සියලුම දුරකථන එකතු කොට ගෙන ඇත.
එහෙත් “රාමි” නැමැති දහතුන් හැවිරිදි ඊජිප්තු ජාතික දරුවා දුරකථනය නොදී සඟවාගෙන එයින් පොලිසියට කතා කොට ඇත.
ක්ෂණිකව ක්‍රියාත්මක වූ පොලීසිය බස් රථය හඹා ගියද රියදුරු පොලිස් වාහන ද හප්පාගෙන ඉදිරියට ම ධාවනය කර තිබිණි. පසුව
පාලනය කොටගත නොහැකි බස් රථය මාර්ගය අසල වූ බාධකයක හැපී නතර වු
පසුව රියදුරු ඔහු විසින් ගෙනා පැට්‍රල් වත්කොට බස් රථයට ගිනි තබා ඇත.
පොලිසිය පැමිණ වීදුරු කඩා බස් රථයට ඇතුළු වී දරුවන් සියල්ලම බේරාගෙන ඇත.

සියලු දෙනාගේම ජීවිතය බේරාගත් “රාමි” නැමැති වීර ඊජිප්තු දරුවාට ඉතාලියේ පුරවැසිභාවය දීමට රජය තීරණය කොට ඇත.

අත්අඩංගුවට පත් ඝාතකයා මෙම අපරාධය සිදු කිරීමට හේතුව වශයෙන් දක්වා ඇත්තේ නීති විරෝධී ලෙස මුහුදෙන් ඉතාලියට ඇතුළු වීමට උත්සාහ දරන අෆ්‍රිකන් ජාතිකයින් ඉතාලියට භාර නොගැනීමයි. එනිසා අෆ්‍රිකන්  ජාතිකයන් සහ දරුවන් මුහුද මැද මියයන බවත් එයට විරෝධය පෑමක් ලෙස මෙය කළ බව ඔහු පවසා ඇත.


ඒස්. ඩබ්ලිව්.වන්නිආරච්චි
මිලානෝ නුවර සිට