ඉතාලියේ එජාප ලොක්කෙක් කප්පම් සෙල්ලමක…?

0
111

ඉතාලියේ මිලානෝ එජාප , එක්සත් මිලාන් ශාඛාවේ ප්‍රචාරක ලේකම්වරයා ලෙස තමන්ව හඳුන්වා ගන්නා චන්න ජයවික්‍රම නැමැති එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයාට එරෙහිව කප්පන් ඉල්ලීම, තර්ජනය කිරීම, පුද්ගලයන් ඉලක්ක කර සමාජ ජාලාවල මඩ ප්‍රචාරයන් කිරීම ආදී චෝදනා කිහිපයක් යටතේ මිලානෝ නුවර (Milano via larga) අධිකරණයට මේ පිළිබඳව අද දින(26) පැමිණිල්ලක් සිදු කර ඇත.

මිට දින කිහිපයකට පෙර යුරෝපා ‍රැකියා ලබා දෙන බව කියමින් පුද්ගලයන්ගෙන් මුදල් ලබා ගෙන වංචා කළ බවට ‘ලක්දේශ් විජේසිංහ ‘නැමැති තරුණයකු සම්බන්ධයෙන් මුළුමනින්ම අසත්‍ය තොරතුරු ඇතුලත් සටහනක් ෆේස් බුක් ජාලයට එක් කර ඇති මෙම චන්න ජයවික්‍රම මහතා ඔහුගේ සොහොයුරකු සමඟ දිගින් දිගටම මෙමබොරු ප්‍රචාරයන් සිදු කර තිබේ.

එය නවතා දමන ලෙස කළ ඉල්ලීම පසෙකලා එම පොස්‍ටුව ගලවා දැමීමට වෙනත් පුද්ගලයන් ලවා මුදල් ඉල්ලා තර්ජනය කිරීම්ද සිදු කර ඇති බව දැන ගැනීමට ඇත. ඒ ප්‍රතික්ෂේප කිරීමන් අනතුරුව දිගින් දිගටම අසත්‍ය තොරතුරු ‍රැසක් ෆේස්බුක් හී සටහන් කර ඇත. මොහු සමග එකතුවී සිටින මොහුගේ ඥති සොහොයුරා ධනසිරි අමරතුංගගේ ආධාරකරුවකු ලෙස කටයුතු කළ අයෙකු වන අතර පාතාල සාමාජිකයකු ලෙස ප්‍රකට තැනැත්තෙකි. එහෙත් ජනාධිපතිවරණ සමයේදී පැත්ත මාරු කර උපන් ගෙයි යූඑන්පී කාරයකු ලෙස පෙනී සිටින්නෙකි. ඉතාලි ගෙන්වා ගන්නවා කියමින් මුදල් ගත් බවට එක් එක් පුද්ගලයන්ට විරුද්ධව මෙරට පොලීසිවල බොරු පැමිණිලි දැමීම මොහු විසින් සිදු කර ඇත.

channa-jayawikrama.2

මේ තත්වය නිසා විජේසිංහ මහතා අද දින අදාල පැමිණිල්ල සිදු කර ඇත.

කෙසේ නමුත් මෙම චන්න ජයවික්‍රම නැමැත්තා මීට පෙරද මෙලෙස පුද්ගලයන්ට එරෙහිව බොරු ප්‍රචාරයන් සිදු කර තිබේ. විශේෂයෙන්ම ශ්‍රි ලංකාවේ තරුණයන්ට යුරෝපා හා ඉතාලි ‍රැකියා ‍රැකියා ලබා දීමට මැදිහත්වන්නන් ඉලක්ක කර මේ ප්‍රහාරයන් දියත් කර ඇත. මිලානෝ නුවරින් ලැබෙන ආරංචි මාර්ග සදහන් කරන්නේ එජාප ආණ්ඩුවක් බලයට පැමින ඇති බැවින් එම දේශපාලන බලයෙන් ඕනෑම දෙයක් කිරීමේ හැකියාව තමන්ට ඇති බව ජයවික්‍රම පවසන බවය.

 

 http://www.lankadaily.com