ඉතාලියේ දෛනික කොරොනා ආසාදිතයන් ලක්ෂය ඉක්මවයි !

0
71

ඉතාලියේ බ්‍රහස්පතින්දා නව කොරෝනා වෛරසය ආසාදිතයන් 126,888ක් වාර්තා වූ අතර, මෙය එක් දිනකදී රට තුළ ආසාදිතයන් 100,000කට වඩා වාර්තා වූ පළමු වැනි අවස්ථාව බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

බදාදා දිනයේ වාර්තා වු ආසාදිතයන් 98,030ක් විය. කෙසේ වෙතත්, වසංගතයේ වසර දෙකක කාලය තුළ දෛනිකව වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව බ්‍රහස්පතින්දා වාර්තා වි ඇත.

යුරෝපීය සංගමයේ කොවිඩ්-19 ආසාදන සංඛ්‍යාවෙන් ඉතාලිය තුන්වැනි ස්ථානයට පත්ව ඇති අතර, ප්‍රංශය සහ ජර්මනියට පමණක් පිටුපසින් සිටියි.

ශ්‍රිලාංකිකයන් බහුතරයක් දෙනා සංක්‍රමණිකයන් ලෙස සේවය කරන අතර මේ වන විට වේගයෙන් පැතිර යන කොරෝනා වසංගත තත්වය හමුවේ කම්පාවට පත්ව සිටිති.