ඉතාලියේ පැවැත්වූ නාට්‍ය තරගයකින් ශ්‍රී ලාංකීය පාසල් පෙරමුණේ..

0
80

ඉතාලියේ ක්‍රියාත්මක වන ශ්‍රී ලාංකීය පාසල් දෙකක් වන Bloom International College  හා St. Joseph International College යන පාසල් දෙක එරට මිලානෝ නගරයේදී 10වන වරට පැවැත්වූ ‘CIAK SI GUIDA ‘ නම් නාට්‍ය තරගයේදී පළමු හා දෙවන ස්ථානයන් දිනාගැනීමට සමත් වී තිබෙනවා. 2016/2017 යන වසර සදහා පැවැත්වූ මෙම තරගාවලියේ මාතෘකාව වී ඇත්තේ මාර්ග ආරක්ෂාවයි.
2007 වසරේදී මිලානෝ පොලීසිය විසින් ආරම්භ කරන ලද මෙම තරගාවලිය ජාත්‍යන්තර පාසැල් වෙනුවෙන් විවෘත වී ඇත්තේ මේ වසරේදී යි.

මෙම තරගාවලිය ඉතාලි රජයේ අධ්‍යාපන අමාත්‍යශය,විශ්ව විද්‍යාල හා පර්යේෂණ,යුරෝපා කොමිසම,මිලාන් හා ලොම්බාඩි කොන්සියුලර් බලකාය,Catholica විශ්වවිද්‍යාලය, Giffoni චිත්‍රපට ,මෙන්ම යටිතල පහසුකම් හා ප්‍රවාහන අමාත්‍යංශය යන ආයතන වල සහභාගීත්වයෙන් පැවැත්වා ඇති  අතර ජාත්‍යන්තර පාසල් යටතේ ප්‍රංශය,ශ්‍රී ලංකාව,ජර්මනිය හා එංගලන්තය යන රටවල් වල  පාසල් තරගවැදී ඇත.

මෙම තරගයේ ත්‍යාගප්‍රධානොත්සවය ‘Teatro Dal Verme’ නම් ඉතාලියේ ඇති ඉතාමත් කීර්තිමත් රංගශාලාවකදී පාසල් 39ක සිසුන් 1300ක ප්‍රධානත්වයෙන් පැවැත්විණි.විශේෂිත ජූරි මණ්ඩලයක් විසින් විනිශ්චය කටයුතු සිදු කර ඇති මෙම තරගාවලියේ ජයග්‍රාහී චිත්‍රපට එම ත්‍යාගප්‍රධානෝත්සවයේදී ප්‍රදර්ශණය කර ඇති අතර එම චිත්‍රපට අතර ශ්‍රී ලාංකීය පාසල් වල නිර්මාණයන්ද තිබී ඇත.

iyaly