ඉතාලියේ ටරෙන්ටො නගරයේ පලස්සක ඇති වූ පිපිරීමකින් එක් අයෙක් මියගොස් 06 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. ශ්‍රී ලාංකීක පවුලක් ජීවත්වන නිවෙසක ගෑස් ටැංකිය පිපිරී යාමේන් මෙම අනතුර සිදු වී ඇත. තුවාල ලැබූවන් අතර ශ්‍රී ලාංකීකයන් හතර දෙනෙකු හා ඉතාලි ජාතිකයන් දෙදෙනෙකු වේ. එයින් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ.
