ඉතාලියේ ශ්‍රිලංකා තානාපති කාර්යාලයට චෝදනා පත්‍රයක් !

0
304

rm 1රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය පිළිබඳ ඉතාලියේ සේවයේ නියුතු ශ්‍රී ලාංකීක බහුතරයකගේ මතය සුභවාදි නොවේ. බොහෝමයක් චෝදනා එල්ල වන්නේ නිසි ක්‍රමවත් බවක් නොමැතිබව හා නිකරුනේ කාලය නාස්ති කිරීම යන ගැටලු වලටයි. මිනිසුන් රස්තියාදු කිරීම වැනි චෝදනාද එල්ල වී තිබුනී. ඉතාලියේ සේවයේ නියතු බොහෝමයක් අයගෙන් අසන්නට ලැබෙන ප්‍රතිචාර වේ.
රෝමයේ පිහිටි තනාපති කාර්‍යාලය පිළිබඳ අන්තර්ජාලය හරහාද මහත් අප්‍රසාදයට ලක්වී තිබෙනු දක්නට ලැබිනි.ඒ එහි ඇති අක්‍රමවත් බව නිසාවෙනි. මීට වසරකට පෙර තානාපති කාර්යාලය වෙත ගිය විට එහි මතුපිටින් දක්නට ලැබුනේද නිසි කළමණාකරනයක් නැති අපිළිවෙල කාර්‍යාලයකි. සේවය ලබාගැනීමට පැමිනෙන අය හට නිසි පහසුකම්ද තිබුනේ නැත.කාර්‍යමණ්ඩලයද සුහඳශීලී භාවයක් පෙන්නුම් කරන්නේ නැති තරම්ය.  (උදා: මා මිතුරෙකු ඔහුගේ අලුත් උපන් දියනියේගේ උප්පැන්න  සහතිකයක් සදා ගැනීමට ගිය අවස්ථාවේ.මාසයක දියනියගේ ඡායාරූපයේ ඇය කට ඇරගෙන සිටීම නිසා එම අයදුම්පත ප්‍රතික්ෂේප කලේය. )මෙවැනි උදාහරණ එමටය. ශ්‍රී ලාංකීකයන් බොහෝමයක් ඉතාලිය පුරා විහිදි සිටී ඉතාලියේ තිබෙන විශාලත්වය නිසා රෝමයට ලගාවිය නොහැක. නමුත් මේ වන විට මිලානෝහී උප තානාපති ශාඛාවක් පවතී. නමුත් දකුනු ඉතාලියේ ජීවත්වන අයට එනම් සිසිලියේ ජීවත්වන ශ්‍රී ලාංකීකයන්ට රෝමයට පැමිනීමට පහසු නැත. බසයෙන් නම් පැය 10කට වඩා ගත වේ.
20000කට ආසන්න ශ්‍රී ලාංකීකයන් පිරිසක්ද ජිටිති.එම නිසා උප කාර්‍යාලයක් සිසිලියටද අවශ්‍ය වේ යැයි මම යෝජනා කරමි. ජංගම සේවා ක්‍රියාත්මක වෙන නමුත් එහිදීද හැමෝටම අවස්ථාවක් හිමිවන්නේ නැත.
මීට වසරකට පෙර තානාපති කාර්‍යාලයේ වෙබ්  අඩවියද නිතරම යාවත්කාලීන කර නොතිබුනි. මේ වන විටද වෙබ් අඩවිය හරහා ලබා ගන්නා අයදුම්පත්  කාර්යාලය වෙත් ගිය විට වෙනස් වේ. එනම් වෙබ් අඩවියේ හා කර්යාලයේ භාවිතාවන අයදුම් පත්‍ර වල ආකෘතිමය වෙනසක් ඇත. ඒවාද නිවැරදි විය යුතුය.

මීට දින කිහිපයකට පෙර තානාපති කාර්‍යාලය වෙත මා ගියේය. පැවති තත්වයට වඩා යම් කිසි ක්‍රමවත් බවක් දක්නට ලැබිනි. සේවය ලබාගැනීමට එන්නන් හට පහසුකම්ද සපයා තිබුනී. කලින් වාඩි වීමට අසුනක් හෝ තිබුනේ නැත. දැන් අසුන් පෙලක්ද දක්නට ලැබිනි. ජංගම ආහාරාපාන මිලදී ගැනීමේ කුටිද වැසිකිලි පහසුකම්ද පිළිවෙලක් සහිත විවේකී කාමරයක්ද තිබෙනු දක්නට ලැබිනි. මා දුටු පෙර තත්වයකට වඩා  වෙනසක් මට දැකීමට ලැබීම සතුටකි. කොන්සියුලර් සේවය්ද පෙරට වඩා ක්‍රමවත් බව මෑතකදී ගිය අයගේන් අසන්නට ලැබිනී. පෙරට වඩා තත්වය යහපත් නිසා ප්‍රශංසා කරන අතර ඉදිරිපත් වී ඇති යෝජනා පිළිබඳව සැලකිලිමත් වෙතැයු බලා සිටින්නෙමු.
ඩිල්ෂාන් තිසේරා