Friday, November 1, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

Home Editor's Choice ඉතාලියේ සිට පැමිණ නිරෝධායනයට යොමු කළ පළමු කණ්ඩායම පිටව යයි .

ඉතාලියේ සිට පැමිණ නිරෝධායනයට යොමු කළ පළමු කණ්ඩායම පිටව යයි .

0
124

කොරෝනා  අවදානම හේතුවෙන් ඉතාලියේ සිට පැමිණි පිරිස් උතුරේ නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කිරීමෙන් පසුව  සිය නිරෝධායන කයුතු අවසන් කළ පළමු කණ්ඩායම අද (28) වව්නියාව පම්පමඩුව ප්‍රදේශයේ පිහිටි යුද හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයෙන්  සිය නිවෙස් වෙතට පිටත්ව ගියහ.මෙසේ පම්පමඩුව යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිට නිරෝධායන ක්‍රියාවලිය අවසන් කොට පුද්ගලයින් 167 දෙනෙකු නිවෙස් වෙතට යාමට අවස්ථාව සලසා දුන් බවට එම අවස්ථාවට සහභාගී වූ වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රෝහිත ධර්මසිරි මහතා පවසා සිටියේය.ගාල්ල , මාතර, හලාවත , මීගමුව , පුත්තලම හා යාපනය යන දිස්ත්‍රික්කයන්හි පදිංචි කරුවන් පිරිසක් අද මෙලෙස නිරෝධායනයට ලක්වී සිය නිවෙස් වෙතට යුද හමුදාවේ විශේෂ ආරක්ෂාව යටතේ රැගෙන යාම සිදු විය.

නිරෝධායන ක්‍රියාවලිය අවසන් වීමෙන් පසුව නිවෙස් වෙතට ගිය පුද්ගලයින් පවසා සිටියේ තමන් කිසිදු බාධාවකින් තොරව ඉතා පහසුවෙන් සියලු පහසුකම් ලබා දෙමින් යුද හමුදාව ආරක්ෂාකාරීව පසුගිය දින 14 පුරාවට බලාගත් බවටත් ඉතාලියේ සිට පැමිණි සියලු දෙනාට කිසිදු බියකින් තොරව යුදහමුදාව යටතේ නිරෝධායනය වන ලෙසට සියල්ලන්ටම ආරාධානා කරන බවටත් එයට යුද හමුදාවට පූරණ ගෞරවය ලබා දෙන බවටත්ය.
lankadeepa.lk

Exit mobile version