ඉතාලියේ සේවය කරන ශ්‍රිලාංකිකයෝ ”යුධ පිටියේ සවාරියක්” යන්න ලංකාවට එති .

0
132

drama 1drama 2අපේ රටේ නාට්‍ය කලාවට නිසි තැනක් වේදිකා නාට්‍යට කුඩම්මාගේ සැලකිල්ලක් ලැබෙන අවධියක අපේ රටින් පිටවි ආර්ථික ගැටළු ජයගන්නට සැපවත් ජීවිතයක් වෙනුවෙන් බලා පොරොත්තු පොදි බැඳගෙන බොහෝ දුෂ්කරතා මැද රැකියාව කරමින් ඉන්නා යුරෝපයේ ශ්‍රි ලාංකික ශ්‍රමිකයන් පිරිසක් දායක වු වේදිකා නාට්‍යක් පෙන්වීමට තමන්ගේ නිවාඩු කාලය මෙන්ම රැකියා කාලය කැප කරමින් ලාංකාවට පැමිණ සිටියදි පසුගියදා අපට හමුවිණ
මෙහි තිබෙන අපූර්වත්වය හා විශේශත්වය නම් ලංකාවේ නිෂ්පාදිත නාට්‍ය හා චිත්‍රපට විදේශ් ගත ශ්‍රමිකයන්ට පෙන්වීමට එම රටවලට රැගෙන යන කාලයක යුරෝපයේ ඉතාලියේ රැකියා කරන ශ්‍රමිකයන් කණ්ඩායමක් විසින් එකට එකතු වි කරන ලද නිර්මාණයක් ලංකාවේ ජීවත් වන ජනතාව වෙනුවෙන් රස විඳිමට දරන ලද උත්සහයයිdrama3
ලංකාවේ සිටි දැනට ස්විඩනයේ ජීවත් වන රාජ්‍ය සාහිත්‍ය සම්මාණලාභියෙක් වු විජිත ගුණරත්න මහතාගේ අහඹු හමුවීමෙන් අරම්භ වන නිර්මාණයක් සමග එකතු වන සමාජ මෙහෙවරක් වෙනුවෙන් උණකින් පෙලෙමින් සිටි ඉතාලියේ රැකියාව කරමින් ඉන්නා ශ්‍රමිකයන් පිරිසක් දායක වන ස්පාඥ ජාතික ෆර්නාන්ඩෝ අරබල් විසින් රචිත පික්නික් ඔෆ් ද බැට්ල්ෆිල්ඩ් පොත ඇසුරින් සිංහලට පරිවර්තනය කරන ලද යුද පිටියේ සවාරියක් නම් වු වේදිකා නාට්‍ය සමගයි ලංකාවේ වයඹ පළාතින් වෙන්නප්පුව දංකොටුව මාරවිල කුලියාපිටිය යන ප්‍රදේශවලින් ශ්‍රමිකයන් ලෙස විදේශ ගත වු මෙම පිරිස තම රැකියාව කර තම සුඛ විහරණය ගැන හෝ තමන්ගේ විනෝදය සතුට හෝ ලංකාවේ නම කැත කරමින් ඉන්න පිරිසක් පමණක් නොවි තම රැකියාව තම කාලය තමන් දුක් මහන්සියෙන් උපයා ගන්නා මුදල් පවා කැප කරමින් මෙම නාට්‍යට තම දායකත්වය ලබා දෙන්නේ සමාජ මෙහෙවරක් සමාජය දැනුවත් කිරිමට මෙන්ම මෙරට නාට්‍ය කලාවේ යම් වෙනසකට බව පැහැදිලිය වාමාංශික දේශපාලනයෙන් හා සාහිත්‍යයෙන් පෝෂණය හා පන්නරය ලබන ලාංකීය සාහිත්‍යට පොත් රාශියක් පරිවර්තනය කර වේදිකා නාට්‍ය ගණනාවක් නිර්මාණය කර ප්‍රවින සාහිත්‍යදරයෙක් වු විජිත ගුණරත්නයන් එක කලෙක මෙරට තිබු අවිචාරවත් දේශපාලනයට මැදි වි ලංකාව හැර ගියත් තමන් තුල තිබු ඒ නිර්මාණාත්මක හැකියාව නිර්මාණයන් කිරිමේ උවමනාව මල්පල ගැන් වු අවස්ථාවක් ලෙස මෙම යුද පිටියේ සවාරිය නම් වු වේදිකා නාට්‍ය හැඳින්විය හැක අප ලාංකික සමාජය දශක ගණනාවක් වසාගෙන සිටි යුද්ධයේ කුරුරු සෙවනැලි මෙන්ම යුද්ධය තුලින් සමාජය රවටන පුද්ගලයන් පිළිබඳවත් යුධ මානසිකත්වයකින් සිටින සමාජයක මිනිසුන් හැසිරෙන අකාරය පිළිබඳවත් අපුරුවට කතා කරන මෙම නිර්මාණය ලංකාවේ විවිධ ප්‍රදේශවල වේදිකා ගත වීමට නියමිතය හුදෙක් ලාභ ලැබීමේ අපේක්ෂාවේන් තොරව ලාංකීක කලාකාමි හිතවතුන් වෙනුවෙන් වේදිකා ගතවන මෙම නාට්‍ය දිරි ගන්වන්නටත් ඒකාකාරි වේදිකා නාට්‍ය තුලින් හෙම්බත්ව සිටින ලාංකීය නාට්‍ය කලාවේ යම් වෙනසක වෙනුවෙන් මෙන්ම රංගනයෙන් දායක වන ඒ ලාංකික ශ්‍රමිකයාගේ හැකියාවන් දැක බලා ගන්නට මෙම නාට්‍ය සංවිධානය කරන ඉතාලියේ බ්‍රේෂියා නගරයේ සිට ක්‍රියාත්මක වන ජන රැඟුම් මණ්ඩපය ඔබ සැමට අරාධනා කර සිටි drama4ජනවාරි 5 වෙනිදා සවස දෙහිවල උසස් අධ්‍යාපන ආයතනය ජනවාරි 7 වෙනිදා සවස නුවර එළිය නගරශාලාව ජනවාරි 8 වෙනිදා කොළඹ විශ්වවිද්‍යාලය ජන්වාරි 9 වෙනිදා සවස වෙන්නප්පුව කිරිමැටියාන සණස ශාලාව ජනවාරි 10 වෙනිදා සවස අවිස්සාවේල්ල නගර ශාලාව ජනවාරි 11 වෙනිදා සවස කුලියාපිටිය න්ගරශාලාව ජනවාරි 12 වෙනිදා සවස පොළොන්නරුව බුද්ධි මණ්ඩපය ජනවාරි 13 වෙනිදා සවස ගම්පහ බණ්ඩාරනායක විදුහල් ශාලාව ජනවාරි 14 වෙනිදා සවස ගාල්ල නගරශාලාව ජනවාරි 15 වෙනිදා සවස ත්‍රිකුණාමලය ගන්තාලාව විදුහල් ශාලාව ජනවාරි 16 වෙනිදා සවස මාතලේ හෝටල් පාසැල් ශාලාව ජනවාරි 17 වෙනිදා උදැසන එම ස්ථානයේම නාට්‍ය පිළිබඳ වැඩමුළුවක් පැවැත්වේ
චන්දන ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here