ඉතාලිය ගැන කියන්න ගිහින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ ඇන ගත්තේ ඇයි ?

0
89

ajithපසුගිය කාලය පුරාවටම පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ ජනතාව දැනුවත් කිරිම සදහා විශාල උත්සාහයක් ගනිමින් සිටි. ඒ සදහා ඔහු විවිධ රටවල්වල උදාහරණද ගෙන එමින් කළේ එහෙම මෙහෙමයි ඒ තරම්ම භායනකයි ඒ හින්ද ඒ තත්වයට මෙහෙ පත්කරගන්න එපා යැයි කිමය.
එහෙත් අජිත් රෝහණට එකක් වැරදුනේය.
එනම් ඉතාලිය කොරෝනා වෛරසය නිසා මිය ගිය අයට කිසිදු ගරු සරුවක් දක්වන්නේ නැතිව ඒ දේහයන් වලකට කොකු වලින් ඇද දමන්නේ යැයි කියා සිටිමය.
මෙය සැබැවින්ම ආණ්ඩුවේ  පොලිස් දෙපාර්තමේන්තුව නියෝජනය කරන නිළ තනතුරක් දරන අයෙකු විසින් ලෝකයේ තවත් රටක් පරභවයට ලක්කරමින් කරන ලද සාවද්‍ය ප්‍රකාශක් විම නිසාම රාජ්‍ය ත්‍රාන්ත්‍රික ගැටළුවක් වුව නිර්මාණය විමේ හැකියාවක් මතුකරන්නකි.
තතු එසේ වුවද මේ සාවද්‍ය ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් දැනටමත් අදහස් දැක්විම් 2 කක් සමාජ මාධ්‍ය තුලින් අප දුටුවෙමු.
ඉන් එකක් ඉතාලියේ වෙසෙන ශ්‍රිලාංකික සොහොයුරියකගෙනි. ඇගේ වාග් විලාශය භාවිතා කරන ලද වචන තර්ජනය කිරිම් පිළිබදව ගැටළු එසේම තිබියදි ඇය මතුකරන්නට යෙදුන මුලික කරුණ වි තිබුනේ ඔවුන්ද මහත්සේ ආදරය කරන ඉතාලිය අපහසයක් අජිත් රෝහණ විසින් කර ඇති බවය.
ඒ චෝදනාවෙන් ගැලවෙන්නට මේ රාජ්‍ය නිළධාරියාට කිසිලෙසකින්වත් බැරි බව  මේ සිදුවමි ගැන බුද්ධියෙන් බලන කිසිවෙකුට බැහැර කළ නොහැක්කකි.
අනික් විවේචනය එල්ල වන්නේ මිලානෝ නගරයේ වෙසනෙ කලක් පොලිස්  දෙපාර්තමේන්තුවේද සේවය කරන ලද ලෙස්ලි ලෝව් නම් ප්‍රගතිශිලි මතධාරියෙකුගෙනි.
ඔහු සිය අදහස් ඇතුලත් විඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදාහරින්නට මත්තෙන් සිය මුහුණු පොතේ සටහන් තබා කියා තිබුනේ අජිත් රෝහණ ඒ ප්‍රකාශය ඉල්ලා අස්කර ගත යුතු බවය.
තවත් එක් කරුණක් මෙහිලා සටහන් කළ යුතුමය.එනම් ඉතාලියට එරෙහිව සාවද්‍ය කරුණක් ප්‍රකාශ කරන විට ඉතාලියේ සිටින ශ්‍රිලාංකිකයන්ට දැනෙන්නේ ඇයිදැයි කියාය.
එයටද කදිම නිදසුනක් ලෙස්ලිගේම මුහුණු පොතේ තිබේ.
එබැවින් අජිත් රෝහණ රැකගන්නට යැයි කියා ගොන් කතා ලියන බුකි විරයන් මේ තත්වය නිවරදිව තේරුම්ගත යුතුව ඇත.
සැබැවින්ම අජිත් රෝහණ විසින් කළ යුතුව තිබුනේ එයයි.
එහෙත් සඳ පෙන්වන විට අජිත් රෝහණද බලන්නේ ඇගිල්ල දෙස පමණමය.

අජිත් රෝහණ විසින් බැලිය යුතුම විඩියෝවකි