ඉතාලිය බලා ගිය තරුණයෙකු හදිසියේ කටාර් නගරයේ රෝහලකදි මිය යයි ?

0
48

මාර්කෝඉකුත් 31 වෙනිදා ලංකාවේ සිට ඉතාලිය බලා යමින් සිටි තරුණයෙකු ක්ටාර් රාජ්‍යයේ දෝහා ගුවන් තොටුපළේදි හදිසියේ අසනීප වි එරට රෝහලකට ඇතුල් කර ප්‍රතිකාර ගනිමින් සිටියදි ජනවාරි පළමුවෙනිදා මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ මාරවිල ප්‍රදේශයේ පදිංචි මාර්කෝ කුමාරසිංහ නැමති 16 හැවිරිදි තරුණයෙකි.
ඉතාලි පුරවැසිභාවය හා ලාංකික පුරවැසිභාවය හිමි මෙම තරුණයා පසුගිය 2015 සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිට ප්‍රතිපල එන තෙක් ඉතාලියේ සංචාරයක් කිරිමට යන අතරතුර මෙම අවාසනාවන්ත ඉරණමට ලක් වි තිබේ.
කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඉතාලිය බලා ගමන් ගනිමින් සිටියදි දෝහා ගුවන් තොටුපළේදි වෙනත් ගුවන් යානයකට මාරුවීමට සිටියදි හදිසියේ ඇති අසනීප තත්වයක් හේතුවෙන් මෙම තරුණයාව රෝහල් ගත කර තිබේ.
වෙන්නප්පුව සසෙක්ස් ජාත්‍යන්තර පාසැලේ ඉගෙනුම ලබමින් සිටි මෙම පාසැල් සිසුවාට කිසිදු අසනීපයක් නොතිබු බවත් ඉතා හොඳ ශරිර සෞඛ්‍යකින් සිටි මෙම තරුණයාගේ මරණය අදාහගත නොහැකි බව ඔහුගේ ඥාතින් පවසයි අද 04 දිනයේදි ඔහුගේ සිරුර දිවයිනට රැගෙන ඒමට නියමිත බව ඔහුගේ ඥාතින් පැවසීය
චන්දන ප්‍රනාන්දු