ඉතාලි ,කොරියන් බූරු තක්කඩි දැන ගන්න ඔනී ශ්‍රී ලංකාව පුංචි රටක්.(බයියන්ගේ අලුත් මතය එයයි)

0
209
 බයි

වසර ගනන් තම පවුල් වලින් ඇත් වෙලා විදේශ රට වල අව්වට වේලිලා, වැස්සට තෙමිලා, සීතලට ඇදුම් තුන හතරක් ඇදගෙන මේ හැම බාදකයක් මැද අප ගෙවන කටුක අත්දැකිම දන්නේ විදේශ ගත ජනතාව පමනී.ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකයට 1/3ක් සපයන්නේ මෙසේ දුක්විඳ අප ලංකාවට එවන විදේශ විනිමය මත බව අවස්තාවාදී ලංකාවේ ජීවත් වන පොහොට්ටුවේ තක්කඩි නොදන්නා කරුණකී.දෙන දේ කාලා ආතක් පාතක් නොමැතිව ඔහේ අයාලේ දේශපාලුවන් පිටුපස වහලුන් සේ සිටින තක්කඩි ලෝක අවධානම් තත්වකදී අප ජීවත් වන බව නොසිතා, අවස්ථාවාදී ලෙස මෙතෙක් කල් වසර ගනන් හම්බ කර ලංකාවට විදේශ විනිමය සපයා දුන් රට විරුවන්ට දැඩි ප්‍රහාර එල්ල කරමින් සිටින්නේ දේශපාලන උවමනා සදහාය.

ඇත්ත වශයෙන්ම වත්මන් රජය ලැජ්ජ සහගත විය යුතුය.පසුගිය වසරේ නොවැම්බර් 16 ට පෙර රට විරුවන් හට පොහොට්ටුවේ තක්කඩි නායකන් පවා කිවේ ලංකාවට ඇවිල්ලා රට බෙරගන්න රට හදන්න “අපේ විරුවට” සහය දෙන ලෙසය. බලය ලබා ගන්න පෙර “රට විරුවන්” වූ විදේශ ගත ජනතාව දැන් කොරෝනා වැනි ලෙඩක් හේතුවෙන් ප්‍රතික්ෂේප කරවන්න,රට විරුවා බලු කරන්න ජනතාව තුල මතයක් හදන්න වත්මත් රජයේ ලොක්කන් ඔවුන්ගේ බැරි කම වසා ගැනීමට වහල්ලු යොදවා පහර ගහන බව පෙනේ.

විදේශ ගත දුක් විදින ජනතාවට, විදේශ විනිමය සපයන ජනතාවට පහර ගහන්නේ විදේශ ගත ජනතාවගේ විදේශ විනිමය පමනක් ලංකාව රජය ලබාගගෙනය.

එහෙත් මෙසේ විදේශ විනියම සපයන රට විරුවන් හට අඩුම වශෙයෙන් කිසිදු සහනයක් රජයක් විදිහට ලබාදී නැත(විශ්‍රාම වැටුපක් , ජන්ද අයිතියක් , වාහන බදු සහනයක්, නිවාස ක්‍රමයක්). එපමනක් නොව අවධානම් තත්වයක ලංකාවට එන විට ඒකට පවා ඉඩක් නොදෙන තැනකට පත් කිරිමට රජය කටයුතු කරන බව වත්තල සිදුවීමට නිමල් ලන්සා සෘජුවම දායක වීම තුලින් සහ අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රකාශ(ලංකාවට එනව නම් දෙපාරක් හිතන්න) තුලින් ඔප්පු වී තිබේ.

විදේශ ගත අසරණ ජනතාවට මඩ ගහන තක්කඩියන්ට කියන්න තිබෙන්නේ අප රජය මත යැපෙන මිනිසුන් නොව, රජය අප මැත යැපෙන බවයි.

ලංකාවේ බහුතරයක් තම ගෑනුන් රට යවා ගෑනු එවන සල්ලි වලින් බිබි ආතල් අරන් දේශපාලුවන් පිටිපස යන වහලුන් උවත් මඩ ගහන තක්කඩී, අප එසේ නොවන බව පැවසිය යුතුය. උබලා සුර සැප විදින්නේ විදේශ රට වල සිට අව්වට්,වැස්සට, හිමට යට වී දුක සේ ගෙවන අප උපයන අපගේ මුදල් නිසාය.

ශ්‍රී ලංකා රජය කොරියාවේ , ඉතාලියේ සිට මරණයෙන් ගැලවෙන්න මව් රටට එන ජනතාවට වහල්ලු ලවා පහර දීම නොව උපරිම සැලකිලි ලබා දිය යුතු බව මතක් කල යුතුය. පා

අද අපට එසේ ලියන්න සිදුව ඇත්තේ අපේ මහන්සියෙන් උබලා යැපෙන ආතක් පාතක් නැති තක්කඩි ගානට වැටි ඇති නිසාය.

ලක්දේස් විජේසිංහ -මිලානෝ
87956417 2887451777988252 2015780515977625600 n.jpg? nc cat=103& nc sid=7206a8& nc oc=AQmwxBlRIl2wdaCGOnnxk uyZraGSttP8pRCnrj4mxP3dEZ ncQX5 PnauKr8D31dVnva9HfJGtac2j1JqRJ3cqc& nc ht=scontent.fcmb3 1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here