ඉතාලි ගිහින් අවුරුදු 25 ක් හම්බකරපු සල්ලි මායම්කාරියෙකුට පුජාකළ පවුලක් ?

0
595
මුලස්ථාන පොලිස් පරික්ෂක සමන්තිලක මහතා

(දෙවන සංස්කරණය )ඉතාලි ගොස් වසර 25 ක් තිස්සේ දහඩිය මහන්සියෙන් හම්බ කළ මුදල් වසර 2 ක් ඇතුළත කට්ටඩියන්ට පුජා කරන්නට සිදුවු පවුලක් ඒ මහා ප්‍රෝඩාවෙන් බේරාගන්නට මීගමුව පොලිසිය අද සමත්ව තිබුණි.

ඒ පවුලේ බිරිදට භුතආත්මයක් ගැන කියමින්  ශාන්තිකර්ම කරන්නට යැයි කියා මුදල් කඩා වඩාගෙන සිටි කාන්තාවක මීගමුව අළුත් පාරේ දුටුගැමුණු පන්සල අසලදි අත්අඩංගුවට ගැනිමත් සමගය.
සෙල්ලකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටින මේ පවුලේ ස්වාමිපුරුෂයා සහ බිරිද රැකියාව කර තිබුනේ ඉතාලියේ නාපොලි නගරයේය.

අපරාධ අංශයේ ස්ථානාධිපති බණ්ඩාර මහතා
අපරාධ අංශයේ ස්ථානාධිපති බණ්ඩාර මහතා
මුලස්ථාන පොලිස් පරික්ෂක සමන්තිලක මහතා කරුණු පැහැදිලි කරමින්
මුලස්ථාන පොලිස් පරික්ෂක සමන්තිලක මහතා කරුණු පැහැදිලි කරමින්

ඔවුන්ගේ දියණියන්  දෙදෙනාද ඉපිද තිබුණේ ඉතාලියේදිමය.
අද දින පොලිස් අත්අඩංගුවට පත්වු ඉරේෂා නම් වු මේ තැනැත්තිය ඉහතකි පවුලේ බිරිද වු මාරි නැමැත්තිය හා කුළුපග වන්නේ ඇය කරදයකට පත්ව තිබුණ අවස්ථාවකදිය.
එහිදි ඉරේෂා මාරි හට පවසා තිබුනේ මේ සියළු කරදර සිදුවන්නේ ඔවුන් වෙසෙන නිවසේ භුතආත්මයක් සිටින නිසා බවය.

විවිධ අවස්ථාවලදි ලබාදි තිබුන සුර සහ තෙල් වර්ග
විවිධ අවස්ථාවලදි ලබාදි තිබුන සුර සහ තෙල් වර්ග

මේ භුතආත්මය විසින් පවුලේ දරුවන් දෙදෙනාවද ලෙඩ කර ඇති අතර  ඉන් එක් අයෙකුගේ ජිවිතයද විශ්වාස නැති බවය.
මේ නිසා ශාන්තිකර්ම ගණනාවක් කළයුතුව ඇතැයිද එත්තු ගන්වා ඇත.
මේ ශාන්තිකර්ම කිරිම සදහා දේවාල වලට ගිය ඉරේෂා ඒ සියලුම තැන්වලින් මේ පවුලේ අයට පැළදිම සදහා ජිවං කාලා යැයි කියන සුර ගෙනවිත් තිබේ.
මේ එක් සුරයක් ජිවං කිරිම සදහා යැයි කියමින් ලක්ෂ ගාණක මුදලක් ඉල්ලා ගෙන ඇත.
එක් අවස්ථාවකදි ඉරේෂා නිවසට පැමිණ තිබුනේ වාලම්පුරියක් යැයි කියමින් කුඩා බෙල්ලෙකුද රැගෙනය.එය  මාරි වෙත දි තිබුනේ රු ලක්ෂ 3 ක මුදලක් ලබාගනිමිනි.

ලක්ෂ 3 ක් ගෙවා ලබාගක් වලාම්පුරියක් යැයි කිය බෙල්ලා
ලක්ෂ 3 ක් ගෙවා ලබාගක් වලාම්පුරියක් යැයි කිය බෙල්ලා

සිය දියණියන්ගේ ජිවිතවලට අවදානමක් ඇතැයි ඉරේෂා එත්තු ගන්වා තිබුනේ මේ සිදුකරනු ලබන කිසිදු ශාන්තිකර්මයක් ගැන ඉතාලියේ රැකියාවේ නියුතු සිය සැමියාට පවා රහසක්ව තබාගන්නා ලෙස ඉල්ලමිනි.
එසේ වුවහොත් එහි බල  බිදෙන්නට හේතුවිය හැකි බව පවසා ඇත.
කෙසේ හෝ කලක් යන විට ස්වාමිපුරුෂයාට දැනගන්නට ලැබුනේ සිය බිරිද හතරවටේටම ණය වි ඇති බවය.89
ඒ ණය ගෙවන්නට සැමියාට සිදුව තිබුනෙ ඇත්ත හේතුව තවදුරටත් සැමියාට රහසක්වම පවතිත පසුබිමකය.
එහෙත් සිය සැමියා නත්තල් උත්සවය සදහා මේ මස 25 වෙනිදා නිවසට පැමිණ තිබුන අවස්ථාවේදි තමන් පත්ව ඇති ඇත්ත තත්වය සැමියා හට දන්වා සිටින්නට මාරිට සිදුවිය.
ඒ වන විටත් රුපියල් කෝටි ගණනක් ඉරේෂා නැමැත්තිය විසින් සටකපට ආකාරයෙන් ලබාගෙන හමාරය.
පසුගිය දිනක යළිත් ඇය රු 50000 ක්  ඉල්ලා තිබුණි. වහා ක්‍රියාත්මක වු සැමියා මීගමුව පොලිසියේ අපරාධ අංශය වෙත දැනුම් දිමෙන් අනතුරුව ක්‍රියාත්මක වු පොලිසිය ඉරේෂා නැමැත්තියට රු 50000 ලබාදෙන අවස්ථාවේදිම අත්අඩංගුවට ගෙන තිබුණි.
ඉරේෂා නැමැත්තිය රැගෙන තිබුනේ මුදල් පමණක්ම නොවේ. මාරිගේ නිවසේ තිබුන සෝපා සැටිද තමන්ගේ නිවසට ගෙනගොස් තිබුනේ ඒ සෝපා සැටිවලට ගසා ඇති ඇණවල භුතආත්මයක් සැගව සිටින බැවින්  යාතිකර්මයක් මගින් ඒ භුතාත්මය ඉවත්කළ පසු යළිත් මාරිගේ නිවසට ගෙනවිත් දෙනවා යැයි කියමිනි.

භුතයන් සිටිනවා යැයි කියමින් ගෙන ගොස් තිබුන සෝපා සැටියක්
භුතයන් සිටිනවා යැයි කියමින් ගෙන ගොස් තිබුන සෝපා සැටියක්

මේ අකාරයෙන් විවිධ බොරු ගොතා මාරිගේ නිවසේ තිබුණ බොහෝ  ගෘහ උපකරණ ඉරේෂා විසින් රැගෙන ගොස් තිබියදි ඒ සියල්ලම අත්අඩංගුවට ගැනිමට පොලිසිය අද සමත්විය.වරක් මාරිගේ  නිවසට පැමිණි ඉරේෂා කියා තිබුනේ ඇය විසින් භාවිතා කරමින් සිටි සැම්සුන්ග් ගැලැක්සි වර්ගයේ ජංගමදුරකථනටද භුතයාගේ ආත්මය වැසි ඇති හෙයින් එයද ශාන්තිකර්මයකට භාජනය කළයුතු බවය. එසේ කියා ජංගම දුරකථනය පවා රැගෙන ගොස් ඇත.
.මෙසා විශාල වංචාකාරියක් ලෙස කටයුතු කර ඇති ඉරේෂා නැමැත්තියගේ ස්වාමිපුරුෂයා පොලිස් සැරයන්වරයෙකු බවද කියැවේ.

ඉරේෂාගේ ස්වාමිපුරුෂයා
ඉරේෂාගේ ස්වාමිපුරුෂයා
ඉරේෂා නැමැත්තිය
ඉරේෂා නැමැත්තිය

මිත්‍යා විශ්වාස නිසා වසර 25 ක් තිස්සේ හම්බ කළ රුපියල් කෝටි ගණනක මුදල්ද සිය නිවසද තමන්ට දැන් අහිමිව ගොස් ඇති බව ස්වාමිපුරුෂයා වන ජගත් මහතා කියා සිටි.මෙම මෙහෙයුම මීගමුව පොලිසියේ මුලස්ථාන පොලිස් පරික්ෂක සමන්තිලක මහතාගේ මෙහෙයවිම යටතේ අපරාධ අංශයේ ස්ථානාධිපති බණ්ඩාර මහතා විසින් සිදුකර තිබුණි.
දරුවන්ට ඇති ආදරය නිසා මායකාර වංචාකාරියකට හසුවු මාරි දැන් කෙසේ හෝ උත්සාහ කරන්නේ තමන්ෙග් සේසතම සුරාකමින් තට්ටු තුනේ ගෙයක් මේ වන ගොඩනගා ඇති ඉරේෂා නැමැත්තියට නිතිය හමුවේ උපරිම දඩුවම් ලබාදෙමින් තමන් දහඩිය මහන්සියෙන් ඉපයු සියල්ල කෙසේ හෝ නැවැත ලබාගැනිමටය.5

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here