ඉතාලි ගිහින් බල්ලෝ බලාගත්ත සරත් යැයි අපහාස කළ ලංසාලාට දැන් සරත් හොදවුනේ ඇයි ?

0
70

sarath and nimalnewමීගමුව දේශපාලන පොර පිටියේ සැහෙන කාලයක් පසමිතුරන්ව සිටි සරත් ගුණරත්න සහ ලංසාලා දැන් හාදවෙලා යමන් පනේ යැයි කරට අතදමාගෙන ඇත.
අයියා ඉදිරියේ මල්ලි දිවුරුම් දුන් උත්සවයේදිද සරත් ගුණරත්න මහතාට කථාවක්ද වෙන් කර තිබුණි.
ඊට කෘතගුණ සලකමින් සරත් ගුණරත්න මහතා කියා සිටියේ දයාන් ලංසාව එදා නගරාධිපති නොකිරිම ගැන තමන් දැන් කනගාටු වන බවය.
මීට මාස කිපයකට ඉහතදි සරත් ගුණරත්න මහතාට ලංසා පවුල පෙනුනේ මහල්ලා සහ පුතුන් දෙදෙනා ලෙසින්ය.
මීගමුව පාලනය කලේ ලංසාලාගේ පතාලය විසින් යැයිද චෝදනා එක්ව තිබුණි.
කෙසේ වෙතත් සරත් ගුණරත්න යනු පිල් මාරු කරන්නේ නැතිව පක්ෂයේ ආමාරුම කාලයේත් පක්ෂය අතහැර නොගිය ජෙෂ්ඨයෙකි.
නිමල් ලංසා යනු එජාප පවුල් සම්භවයකින් පැවත එන්නෙකි.
දේශපාලනයේ ඉදිරියට ඒම සදහා ඕනෑම සම්බන්ධකමක් උපයෝගිතාවාදි ආකාරයෙන් පාවිචි කරන නිමල් ලංසා ජෙයරාජ්ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ උදව්වෙන් උඩට පැමිණ පසුව ප්‍රනාන්දුපුල්ලේ පවුලටම එරෙහිව බැසිල් රාජපක්ෂ හා සෙට්විය.
සරත් තාමත් මහින්ද රාජපක්ෂ කෙරෙහි සිය විශ්වාසය තබා ක්‍රියාකරන්නෙකි.නිමල් ලංසා එසේ නොවේ ඔහු දවල්ට මෛත්‍රිපාල සිරිසේන සමගින්ද රාත්‍රියේදි රාජපක්ෂවරුන් සමගින්ද දේශපාලනය කරන්නෙකි.
තම සහෝදරයාව කෙසේ හෝ මීගමුවේ මීළග නගරාධිපතිවරයා බවට පත්කිරිමේ සැලැස්මක් තුල ක්‍රියාත්මක නිමල් ලංසා ඇමතිවරයා ඒ සදහා ආසන සංවිධායක සරත් ගුණරත්න මහතාවද උපරිමෙන් ප්‍රයෝජනයට ගන්නට සිතා සිටිනවා විය යුතුය.
කෙසේ වෙතත් එකිනෙකා පේන්න බැරි ගානට වෛරකාරයන්ව සිටි නිමල් ලංසා සහ සරත් දැන් මිතුරන්ය.
තතු එසේව තිබියදි දැන් දෙපාර්ශවයම අංශ 180 ක් ම කරකැවි හාදවෙලා යමන් පනේ කියමින් කරට අතදාගන්න පටන්ගෙන ඇති අයුරු පෙනේ.
මේ සියල්ල එසේම වෙමින් තිබිදි සිදුව ඇති යථාව ගැනද කල්පනා කළ යුතුව තිබේ.
2014 අගෝස්තු 26 වන මව්බිම පුවත් පතේ පළව ඇති ඇමති නිමල් ලංසාගේ හෙළිකිරිම් සියල්ල විමර්ශනය කරමින් අප කළ විමසුමකට පිළිතුරු දුන් මීගමුවේ ජේෂ්ඨ ශ්‍රිලනිප ක්‍රියාකාරිකයෙක් පවසා සිටියේ  මව්බිම ලිපියේ ඇති බලු කථාව පමණක්ම අලුත් ශ්‍රි ලංකා කාරයන්ගේ තරම් මැන ගන්නට ප්‍රමාණවත් වන බවය.
තවදුරටත් ඔහු පවසා සිටියේ භිෂණ සමයේ පණ බේරා ගැනිම සදහා ඉතාලියට පැන ගිය සරත් ගුණරත්න ජිවත්විම සදහා බල්ලෙක් බලාගත් බව නිමල් ලංසා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරිමෙන් පසු තමන්ට හැඟුනේ මහත්තුරුන්ට අයත් ටයි පටියක් තවදුරටත් ලංසා පැළදිමේ තේරුමක් ඇතිද කියාය.???
කෙසේ වෙතත් දේශපාලනයේදි සදාකාලික මිතුරන් හෝ සතුරන් නැති යළිත් වරක් මීගමු දේශාපාලන භුමිය තුලදි සනාථ වි ඇත.