ඉතාලි ගොස් හරි හබ්බ කරගත් පවුලක් මහමගට ඇද දැමු මායම්කාරිය යළිත් අත්අඩංගුවට ?

0
426

හුනියම්ඉතාලි ගොස් හරි හම්බකරගත් පවුලක් මහමගට වැටෙන තෙක්ම යක්කු පෙන්නා නුල් බද්දා හදි හුනියම් වලට  බයකර මුදල් ගරා ගත් මායම්කාරියක් පසුගිය දිනක මීගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ තවත් රු 50000 ක් නුල් බදින වැඩකට යැයි කියා ලබාගන්නට සුදානම් වු මොහොතේය.
භුතආත්මයක්  විසින් පවුලේ දරුවන් දෙදෙනාවද ලෙඩ කර ඇති අතර  ඉන් එක් අයෙකුගේ ජිවිතයද විශ්වාස නැති බව කියමින් මේ ඉරේෂා නැමැති මේ මායම්කාරිය ලක්ෂ ගානක මුදලක් මෙසේ වංචා කර තිබුණි.
එහෙත් එක් දිනක් ඇතුලත ඇප මත නිදහස්ව ගිය ඉරේෂා නැමැත්තියව යළිත් අත්අඩංගුවට ගෙන සිරගත කිරිමට මීගමුව පොලිස් අධිකාරි කාර්යාලයේ නිළධාරින් සමත්ව තිබුණි.
ඒ ඇයත් සමගින් මෙම වංචාකාරි ක්‍රියාවට සමබන්ධව සිටි තවත් කිපදෙනෙකුද සමගින්ය.