ඉතාලි පෙම්වතා සමග එක්ව බෝම්බ ගසා සැමියා මරන්න කොන්ත්‍රාත් දුන්න බිරිද පොලිසියට මාට්ටු ?

0
108

kurana issue 1පකිස්ථාන අගමැතිවරයා දිවයිනට පැමිණ දිනයේ මීගමුවේ කුරණ ප්‍රදේශයේදි සිදුවු අත්බෝම්බ ප්‍රහාරය ගැන පොලිසියේ ඉහල බලධාරින්ගේද වැඩි අවධානයක් යොමුව තිබුණි.
මේ නිසාම වහා ක්‍රියාත්මක වු ඔවුන් පොලිස් කණ්ඩායම් 3 ක් ලෙසින් සැදුම්ගෙන මේ සිදුවිම ගැන පුළුල් පරික්ෂණයක් සිදුකර තිබුණි.
එහි ප්‍රථිපලයක් ලෙසින් වැඩි කලක් යන්නට මත්තෙන් මේ බෝම්බ ප්‍රහාරයේ සුල මුල සොයාගන්නට පොලිසිය සමත් විය.
එහි දි හෙළිව තිබුනේ කුරණ ප්‍රදේශයේ කාන්තාවක් විසින් සිය සැමියා ඝාතනය කිරිම සදහා සිය අනියම් සම්බන්ධයක් ඇති පිරිමියෙකු හා එක්ව මෙය සැලසුම්කර ඇති බවය.
ඉතාලියේ ජිවත්වු මේ පවුල ඉතාමත් සමිපව ඇසුර කළ රවි නැමැත්තෙකු පසුව මේ බිරිද අනියම් ඇසුරක් පවත්වා ඇත.
මේ සියළු දෙනාම කෙටි නිවාඩුවකට පැමිණ ලංකාවට පැමිණ සිටියදි බිරිද විසින් සිය සැමියා ඝාතනය කිරිම සදහා පුද්ගලයන් දෙදෙනෙකු හට කොන්ත්‍රාත්තුවක් ලබා දි ඇත.
ඒ ලක්ෂ 2 ක් නිවාස 2 ක් සහ රැකියාවක් සදහා පිටරටකට යෑමට උදව් කරනවා යන කොන්දේසි මතය.
පවුලේ ස්වාමිපුරුෂයාට අයත් ඉඩමක් මිළට ගැනිමට පැමිණෙන අය ලෙසින් පැමිණ ඇති මේ දෙදෙනා ඉඩමේ අත්තිකාරම් මුදල් ලබාගැනිමට කුරණ පරාක්‍රම පාර අසලට පැමිණ ලෙස දන්වා ඇති අතර එසේ පැමිණෙන අතරේ යතුරු පැදියකින් පැමිණ මේ අත්බෝම්බ ප්‍රහාරය එල්ල කර තිබේ.
රවි නමැත්තා මේ ඝාතනය සැලසුම ක්‍රියාත්මක වන අතරේදි කෙසේ හෝ යළිත් ඉතාලියට ගොස් ඇතැයි වාර්ථා වේ.
ඝාතන කොන්ත්‍රාත්කරුවන් සහ එය සැලසුම් කළ බිරිදව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනගාර ගත කිරිමට පියවර ගෙන ඇත.