මෙවර පාර්ලමේන්තු මැතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් පළමු ස්ථානය විජිත හේරත් ලබාගෙන තිබෙන අතර ඔහු ලබාගත් මනාප සංඛ්‍යාව 716,715කි.
විජිත හේරත් මෙවර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලබාගත් මනාප ඡන්ද සංඛ්‍යාව ලංකා මැතිවරණ ඉතිහාසයේ පාර්ලිමේන්තු මැතිවරණයකදී අපේක්ෂකයකු ලබාගත් වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලෙස ඉතිහාස ගත වෙනු ඇත.
මෙම මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වූ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මනාප ඡන්ද 655,289ක් ලබාගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ පළමුවැනියා වී ඇත.
මීට පෙර වැඩිම මනාප ඡන්ද ගණනක් ලබාගෙන තිබූ මන්ත්‍රි ධුර අපේක්ෂකයා වූයේ මහින්ද රාජපක්ෂ යි. ඔහු 2020 වසරේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කරමින් මනාප 527,364ක් ලබාගත්තේය