ඉදිරියේදී වාහන මිල 9% ඉහළ යන ලකුණු.

0
72

b2ap3_thumbnail_pricehike

ඕස්ට්‍රේලියානු හා ඇමරිකානු ඩොලර්,සටර්ලින් පවුම් හා ජපන් යෙන් වල සිදුවන විනිමය අනුපාත වෙනස්කම් හේතුවෙන් ඉදිරියේදී මොර්ටර් රථයක මිල අවම වශයෙන් 9%කින් පමණ ඉහළ යනු ඇතැයි ශ්‍රී ලංකා වාහන අානයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව කුඩා මෝටර්රථ වන සුසුකි වැගන් ආර් හා ටොයෝටා විටිස් වැනි වාහන වල වටිනාකම රු.250,000කින් පමණ ඉහළ යනු ඇති. නමුත් මෙම මිල ඉහළ යාම බලපාන්නේ ඉදිරියේදී මෙරටට ආනයනය කෙරෙන රථවාහන සදහා බවයි එම සංගමය පවසන්නේ. එම නිසා රථවාහන මිලදී ගැනීමට බලාපොරොත්තු වන්නන්ගෙන් ඔවුන් ඉල්ලා සිටින්නේ ඉදිරියේදී වාහන වල මිල වැඩිවීමට ප්‍රථම මේ වන විට දිවයින තුල ඇති වාහන තොගවලින් වාහන මිලදී ගන්නා ලෙසයි.