ඉන්දියාවේ කොවිඩ් එන්නත අද ලංකාවට !චීනයෙනුත් එන්නත් තොගයක් ලඟදීම ….

0
66

ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ලැබෙන කොවිඩ් එන්නත අද (28) දිනයේ පෙරවරු 11.00 ට ලංකාවට ලැබෙන අතර හෙට සිට එන්නත්කරණය අරඹන බව ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සහ කොවිඩ් එන්නත ලබාගැනීම සදහා වන කාර්යයසාධක බලකායේ ප්‍රධානී ලලිත් වීරතුංග පවසා ඇතැයි නිව්ස්වයර් වෙබ් අඩවිය සදහන් කොට තිබේ

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී කොවිඩ් වසංගතයට එරෙහි එන්නත සම්බන්ධයෙන් පැවති විශේෂ මාධ්‍ය හමුවේදී කරුණු පැහැදිලි කරමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබුණි

ඉන්දියාවේ සීරම් ඉන්ස්ට්‍රිට් ආයතනයෙහි නිපදවන මෙම ඔක්ස්ෆර්ඩ් ඇක්සාසෙනිකා කොවිශීල්ඩ් නම් වන එන්නත එයාර් ඉන්දියා ගුවන් යානයකින් පුද්ගලයින් 250,000 කට ලබාදීම සදහා එන්නත් ලක්ෂ 05ක් ලැබෙන අතර එය අද දින කටුනායක ගැවන්තොටුපොළේදී ජනාධිපතිතුමන් විසින් භාරගැනීමට නියමිත බවද ලලිත් වීරතුංග මහතා ප්‍රකාශ කර කලේය

මෙම එන්නත සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම එය හදිසි ප්‍රතිකාරයක් වශයෙන් භාවිතා කිරීම සදහා අප රටෙහි ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන්ද අනුමැතිය හිමිවී ඇති බවද ලලිත් වීරතුංග මහතා කියා සිටි

මෙම එන්නත අද දින අප රටට ලැබුණු විගස කටුනායක ගුවන්තොටුපොළේ සිට ශ්‍රීතාගාර සහිත වාහන වලින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ශීතාගාර වෙත ලබාදෙන අතර මුළු රටේම දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි ගබඩා පහසුකම් යටතේ ගබඩා කර තැබීමටද නියමිතව ඇත. මෙම එන්නත සෙල්සියස් අංශක 2ත් 8ත් අතර උෂ්ණත්වයක පවත්වා තබාගත යුතු අතර ඒ සදහා අපගේ සෞඛ්‍ය අංශ වල පහසුකම්ද පවතී.

එන්නත ලබාදීමේදී ප්‍රමුඛතා කණ්ඩායම් පිළිබදව විශේෂ අවධානය ලබාදෙනු ලබන අතර, මෙහිදී ප්‍රධාන කොට්ඨාශ තුනක් පිළිබදව අවදානය යොමු කෙරෙනු ඇත. එහිදී පළමු පෙළ වශයෙන් කොවිඩ් මර්දනය සදහා ඉදිරියෙන් සිටින සෞඛ්‍ය කාර්යය මණ්ඩලය සැලකෙන අතර 150,000 ක පමණ පිරිසක් ඒ යටතේ ඇත.

දෙවන පෙළ වශයෙන් ගැනෙනුයේ ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ ආරක්ෂක අංශ වල සිටින 115,000 – 120,000 ක පමණ පිරිසකි. මේ යටතට ගුවන් තොටුපොල වල සේවය කරන පිරිස්ද හදුනාගෙන ඇත.

තෙවනුව ලක්ෂ 34ක් පමණ වන වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් සැලකෙන අතර මෙහිදී නිධන්ගත රෝග වලින් පෙළෙන්නන් හට යම් ප්‍රමුඛතාවයක් හිමිවිමට නියමිතව ඇත

ජනාධිපතිතුමන් චීන රජයෙන් සිදුකළ ඉල්ලීමක් අනූව ඉදිරියේදී චීනයේ නිපදවන සයිනො ෆාමා එන්නත ලක්ෂ 03ක ප්‍රමාණයක් ප්‍රධානයක් වශයෙන් අප රටට ලැබීමට නියමිත වන අතර, ජනපතිතුමන් රුසියාවෙන් කළ ඉල්ලීමක් අනූව රුසියවේ නිපදවන ස්පුට්නික් එන්නතද නුදුරේදී අප රටට ප්‍රධානයක් වශයෙන් ලැබෙනු ඇතැයිද වාර්තාවේ
මුලාශ්‍රය- නිව්සවයර් .