ඉන්දියාවේ බන්ධනාගාරගතව සිටින ධීවරයින් බේරාදීම අයිති විදේශ කටයුතු අමාත්‍යාංශයට ද?

0
97

2013 දෙසැම්බර් 18 වනදා  කොච්චිකඩේ තෝප්පුව හන්දිය  අසල දී  ධීවර පවුල් වල සාමාජිකයන් හා ධිවර ක්‍රියාකාරීන් විසින්  විරෝධතාවයක් දියත් කරන ලදී.  මෙම විරෝධතාවයට මුල්වූ ප්‍රධාන හේතුව වූයේ ඉන්දීය රජය හමුදාව අතින් අත්අඩංගුවට ගෙන දැනට චෙන්නායි මධ්‍යම බන්ධනාගාරයේ  සිරගතව සිටින ධීවරයින් නිදහස් කර ගැනීම හා මාලු මිල පිලිබඳවයි.
මෙලෙස බන්ධනාගාරතව සිටින ධීවරයින් මීගමුව, තොඩුවාව, බරුදැල්පොල, ත්‍රිකුණාමලය,දෙවුන්දර යන පළාත් වල සිට ධිවර රැකියාවේ නිරත වූවන් වේ. මෙම විරෝධතාවය අවස්තාවේදී ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් ගුණරත්න මහතා මැදිහත් වී ධීවරයන් හට ජනාධිපතිවරයා හමුවිමට අවස්තාවක් ලබාදෙන බවට පොරොන්දු වුවද අවසානයේ  ලැබුණේ අමාත්‍යවරුන් කීපදෙනෙකු සමග සාකච්ඡාවක් පමණි.
මෙම අවස්තාවට ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ද සහභාගී වු අතර  අමාත්‍ය නියෝමාල් පෙරේරා ද සහභාගී වූහ. මෙම ධීවරයන් දිවයිනට ගෙන්වා දීම සම්බන්ධයෙන් ඉල්ලීම ඉදිරිපත් කළ අවස්ථාවේ දී ධිවර අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කර ඇත්තේ මෙම ධීවරයන් නිදහස් කර  ගැනීමේ වගකිම ඇත්තේ විදේශ කටයුතු පිළිබද අමාත්‍යාංශය බවයි.  එය ඔහුට අදාළ නැති බවයි.
ධීවරයන්ගේ තවත් විශේෂ  ඉල්ලීමක් වුයේ  මාලු මිළ පහතවැටීමේ ප්‍රශ්නයයි. ශ්‍රි ලංකා මුහුදු සීමාවේදී වෙනත් බහුජාතික කොම්පැණි විසින් මසුන් ඇල්ලීමත්, දේශීය ධිවරයින්ගේ මත්ස්‍ය අස්වැන්නත් මෙම ජාත්‍යන්තර වෙළඳපලට යැවීමත් යන හේතු නිසා දේශීය  ධීවරයන්ගේ මත්ස්‍ය අස්වැන්නට ලැබෙන මිළ පහත වැටීම දිගින් දිගටම සිදුවෙයි. මේ  නිසා මේ පිළිබඳව සහනයක් ලබාදෙන ලෙස ධීවර අමාත්‍යවරයාගෙන් ධිවරයන් විසින් ඉල්ලීමක් කර ඇත. රාජිත අමාත්‍යවරයා විසින් මෙම ඉල්ලීමට සහනයක් ලබාදීමට පොරොන්දු වී ඇතත් එය මෙතෙක් ඉටුවී නොමැත.
2