ඉන්දීය එන්නත් තොගය ලංකාවට පැමිණේ ! හෙට සිට රෝහල් 6 කට.

0
163

ඉන්දියාවෙන් COVISHIELD එන්නත් මාත්‍රා 500,000 ක් අද දින විශේෂ ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට පැමිණියේය.
කොරොන වයිරස් එන්නත් කිරීමේ වැඩසටහන හෙට සිට කොළඹ හා ඒ අවට රෝහල් හයකදී ආරම්භ කිරිමට නියමිත අතර රෝහල් හයක කාර්ය මණ්ඩලය සඳහා එන්නත් කිරීමේ වැඩසටහන පළමුව ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.


සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ කොළඹ ජාතික රෝහල, කොළඹ දකුණු ශික්ෂණ රෝහල, කොළඹ උතුරු ශික්ෂණ රෝහල, හෝමගම මූලික රෝහල, කොළඹ නැගෙනහිර මූලික රෝහල සහ අංගෝඩාවේ ජාතික බෝවන රෝග පිළිබඳ ආයතනය (අයිඩීඑච්) එන්නත ලබා චීමට නියමිත බවය.
වැඩසටහන ආරම්භයේදී මෙම රෝහල්වල කාර්ය මණ්ඩලයෙන් සියයට 25 ක් පමණ එන්නත ලබා දෙන බව ඔහු පැවසීය. ඉදිරි දින කිහිපය තුළ ඉතිරි සේවකයින්ට එන්නත ලබා දිමට නියමිතය.
මුලාශ්‍රය . (නිව්ස්වෙයාර්)